කිටියා දකින අවුරැද්ද
- 2018-05-11 21:40:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මගෙ නම කිටියා. අපේ ගෙදර අය මට හුඟාක් ආදරෙයි. අවුරැදු කාලෙ මල්වල පැණි බොන්නට එන බට්ටිච්චන්ට මම හුඟාක් කැමතියි. මාත් ආසයි ඔංචිලි පදින්න. ඔංචිල්ලාව උඩටයි පහළටයි යද්දි නම් ටිකක් බයයි.
ඩෝං ඩෝං ඩෝං ඔන්න ඉතින් රතිඤ්ඤා දාන්න පටන් ගත්තා. ඒකට නම් මං කොහෙත්ම කැමති නෑ. මම හරිම බයයි ඒ සද්දෙට.
අලුත් අවුරැද්දට මම වැඩ ඇල්ලුවේ අපේ ගෙදර මී හාමිව බය කරලා. මට එදා රසම රස කිරිබත් කෑල්ලකුයි කැවුම් ගෙඩියකුයි ලැබුණා.
මම නෑගම් ගියේ ටොමීලගෙ ගෙදර. අපි දෙන්න හොඳට සෙල්ලම් කළා. අවුරැදු දවසට වඩා ප්‍රීතිමත් දවසක් තියෙනවද ? මට නම් අද ගොඩක් සතුටුයි. පුංචි ඔබ හැමටම සුබ අලුත් අවුරැද්දක් වේවා!
දැහැමි නිමාෂා රත්නායක
4 ශ්‍රේණිය,
කු/ මාවතගම රෝමානු කතෝලික විද්‍යාලය, කුරැණෑගල.
Reply To:
Name - Reply Comment
0 Comments