කිටියා දකින අවුරැද්ද
- 2018-05-11 21:41:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඔන්න ඉතින් ආයෙත් ඇවිදින් අවුරැදු කාලේ. තව ටික දවසයි තියෙන්නේ අවුරැද්ද ලබන්ට. මෙදා පාර අවුරැද්ද සමරන්න අපේ ගෙදර බබාලා දෙන්නයි, අම්මයි, තාත්තයි, සීයයි, ආච්චියි හැමෝම ගජරාමෙට ලෑස්තිවෙනවා . මම ඉතින් ගෙදර ඉන්න සුරතලා නොවැ. මම කරන්නේ මොනවද කියලා කල්පනා කරලා බලන්න මට නිකමට හිතුණා. මට කියලා කරන්න දේකුත් නෑනෙ. බබාලා දෙන්නා නම් තරගෙට අවුරැද්දට ලෑස්ති වෙනවා. මේ දවස්වල ඒ දෙන්නට මා අමතක වෙලා. මාත් එක්ක සුරතල් වෙන්න එයාලට වෙලාවක් නෑ. ඒත් මගේ කෑමවේල නම් දෙන්න අමතක කරන්නේ නෑ.
‘‘හම්මෝ... සුවඳ‘‘ කුස්සිය පැත්ත පුදුම සුවඳයි. මොකද කැවුම්, කොකිස්, අලුවා වගේ කෑම ජාති ගොඩක් හැදෙනවානේ මේ කාලෙට. මට ඉවසන්න ම බැරි දේ තමයි මේ කෑම සුවඳ. බබාලගේ යාළුවොත් ගොඩක් එනවා අපේ ගෙදර. ඒ මොකද ඉතින් අවුරැද්දට කරන දේවල් කතා කරගන්න. ඇයි තව අම්මගෙයි ,තාත්තාගෙයි, ආච්චිගෙයි, සීයගෙයි නැදෑයෝ යාළුවෝ එහෙමත් එනවා අපේ ගෙදර. හැමෝම සතුටින් අවුරැද්දට ලෑස්ති වෙන විදිහ කිය කියා සතුටු වෙනවා මටත් ඇහෙනවා. මටත් ඉතින් වැඩක් නැති වෙලාවට කරන්නේ මේ සතුටු සාමීචියට එකතු වෙන එක තමයි.
හැමෝම අන්තිමට සතුටින් විසිර යනවා. ඒ ගොල්ලන්ගේ මූණු දැක්කම ඒ කාගේවත් හිතේ දුකක්, තරහක් නැති බව මට හොඳට පේනවා . මටත් හරිම සතුටුයි. අපේ ගෙදර දී මටත් අවුරැදු චාරිත්‍රවලට එකතුවෙන්න අවස්ථාව ලැබෙනවා. අවුරැදු කාලේ මම නම් හරිම සතුටින් ගෙවලා දමන්නේ.
දුලශ්ක මල්ශාන් වීරතුංග
10 ශ්‍රේණිය,
මහ/වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය,
මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments