කිතුල් ගසක් ඔබ අමතයි
- 2018-03-06 18:08:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මම තාල වර්ගයට අයත් වෙමි. කළුතර, දෙනියාය, බදුල්ල හා සිංහරාජ වනාන්තරයේ මගේ වර්ගයා බෝවී තිබේ. මා හට මුදුන් මුලක් නැත. එහෙත් මම ශක්තිමත් දැව වර්ගයක් වෙමි. මගේ කොළ හා කඳ අලියාගේ රසවත් ආහාරයකි. මගේ මල කවියන් උපමා කර ඇත්තේ කාන්තාවන්ගේ වරලසටයි. එම මලින් පැණි සහ හකුරැ සාදයි. මගේ කඳ මැද ඇති කොටස්වලින් පිටි සාදයි. එයින් රසවත් හා ගුණවත් ආහාර සකසා ගත හැකිවේ. මගේ කඳින් අතුවලින් දැවයෙන් මිනිසාට බොහෝ ප්‍රයෝජන අත්වේ. ගොඩනැගිලිවලට ලීබඩුවලට මෙන්ම මෝල්ගස්වලට ද යොදාගනී. මගේ ආයු කාලය වසර 15කි. මම නම් කදිම කිතුල් ගසක් වෙමි.
විනුජි තිලන්සා කුරැකුලසූරිය
6 ශ්‍රේණිය,
මාර/සුජාතා විද්‍යාලය, මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments