Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 කවදා හෝ අභ්‍යවකාශගත වීමට කුඩා කල සිට තිබූ කැමැත්තත් දැඩි උනන්දුවත් මත එම ක්ෂේත්‍රයට වැඩි අවධානයක් යොමු කළෙමි. එහි ප්‍රතිඵලයක් වශයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ඇමරිකාවේ නාසා ආයතනයට ඇතුළත්වීමට මට වාසනාව උදාවිය. වසර කිහිපයක පුහුණුවකින් පසු අභ්‍යවකාශගතවීමට වරම් මට ලැබිණි. ඒ ප්ලූටෝ ග්‍රහයා වෙතට යි.
 මා සමග ඇමරිකානු ජාතික ගගනගාමීහු තිදෙනෙක් හා ඉන්දියානු    ජාතික ගගනගාමියෙක් ගමනට එක්වූහ. මනා පළපුරැද්දක් ඇති ගගනගාමීහු දෙදෙනෙක් යානයේ කාර්මික කටයුතුවල යෙදෙති. අප සැම ආහාර සඳහා ලබා ගත්තේ ප්‍රෝටීන් හා විටමින් අඩංගු පෙත්තකි. දැන් අප පෘථිවියෙන් බොහෝ ඈතට ගොස් සිටින බව දැනිණි.
 මෙසේ මාස කිහිපයක් අපි පෘථිවියෙන් ඈත්වී සිටියෙමු. අප බලාපොරොත්තු වූ සහ මුළු ලොව ම බලා සිටි මොහොත උදා විය. කක්ෂගත වූ අප යානය ප්ලූටෝ ග්‍රහයා වටා මඳ දුරක් ගමන් කර ගොඩ බැස්සවීය. පැය භාගයක පමණ ක්‍රියාවලියකින් පසු අපි ප්ලුටෝ ග්‍රහයා මතට පා තැබුවෙමු. තොරතුරැ සටහන් කරගත්තෙමු.අපි අපේ රටවල ජාතික කොඩි එහි සිටෙව්වෙමු. 
 ඒ මොහොතේ ඇමරිකානු පුරවැසියකු වූ මගේ හොඳම මිතුරාගේ කටහඬ ශ්‍රවණය විය.  එහෙත් ඔහු මා සමග ගමනට එක්වූයේ නැත. ඒ සමගම ඔහු මා අල්ලා සෙලවීය. එවිට මා නින්දෙන් අවදි විය. මා මෙතෙක් වේලා දුටුවේ සිහිනයක් බව මට වැටහිණි. මා තවම නාසා ආයතනයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි.
    එහෙත් කෙදිනක හෝ මගේ මව්බිමේ ධජය ප්ලුටෝ ග්‍රහයාගේ මත පමණක් නොව සැම ග්‍රහයකු මත ම පිහිටුවන්නෙමි. 

විත්මි සෙනේසා මායාදුන්නේ
9 ශ්‍රේණිය,
බප/ගම්/ගෝතමි කනිෂ්ඨ විද්‍යාලය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.