ගඟක් කතා කරයි
- 2018-12-10 15:57:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමනල කඳු මුදුනෙන් ආරම්භ වී රිදීවන් දිය දහරක් සේ අවට පරිසරයට මිහිරි රාවයක් එක් කරමින් සීතල ජලබිඳු විසුරැවමින් කිරි පැහැති පෙණකැටි නංවාලමින් මහ මුහුදට බලා ගලා බසිමි. ගල්පරවල හැපි හැපී ගැඹුරැ වළවලට පතිත වෙමින් ඒවා මැඩගෙන ඉදිරියටම යමි.
මා හට විශාල ජල කඳක් එක් වූ විට මම චණ්ඩ පරැෂ ආකාරයෙන් දැඩි කුසගින්නක් ඇති රාක්ෂයකු මෙන් ඉතා වේගයෙන් ගලා බසිමි. ඒත් මගේ දියපහර අඩු වූ විට මම ඉතා සෙමින් ගලා බසිමි.
අතරමගදි පටු තැන් ද පළල් තැන් ද ගැඹුරැ තැන් ද නොගැඹුරැ තැන් ද ඇතිව ගලා බසිමි. තැනක දි මල්පෙති, දර කැබලි, ගෙඩි වර්ග වැනි දෑ එකතු වෙයි. සුවහසක් මිනිසුන්ගේ දාහය නිවාලමින් සිසිලස ලබා දී ගත සිතට ප්‍රාණයක් ලබා දෙන්නේ ඉමහත් සතුටිනි. මහා ජලකඳක් ඔසවාගෙන මහ සහුර බලා ගලා බසින මම ලංකාවේ දිග ම ගඟ වන ‘මහවැලි‘ ගංගා කොමළිය වෙමි.
මහෙලි දහම්දී
6 ශ්‍රේණිය,
පින්නවල ජාතික පාසල.
Reply To:
Name - Reply Comment
0 Comments