ගුණ නුවණ වඩාලන අපේ ඉටු දෙවිවරැ
- 2018-08-08 14:47:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිවසින් නික්මී පාසලට ගියපසු මවුපියන් ළඟට අපට සිටින දෙවියන් ගුරැවරැන් ය.මවුපිය ආදරය නොඅඩුව ලබාදෙන ගුරැවරැන් අපේ ගුණනුවණ වඩාලන ඉටු දෙවිවරැන් ය. අධ්‍යාපනික දැනුමමෙන් ම ජීවිතය ගොඩනගා ගන්නා අන්දම මැනැවින් පහදා දෙන්නේ ද ඔවුන්ය. අපේ දෙනෙත් පෑදීමට බොහෝ උපදෙස් ලබාදෙන ගුරැවරැන් ‘‘මවුපියන්‘‘ වැනි ය. ඔවුන් අපට ස්වශක්තියෙන් නැගී සිටීමටත් සමාජය පිළිබඳ මනා අවබෝධයක් ද ලබාදෙයි. අප අවට පරිසරයේ මෙන්ම අපගේ පැවැත්ම පිළිබඳව පූර්ව ලෙස ඔවුහු අධ්‍යාපනයක් ලබාදෙති.
විසම වූ ලෝකයේ විසම වූ සමාජය පිළිබඳ මූලික දැනුමක් ලබාදෙන්නේ ගුරැවරැන් ය. ඔවුන්ගේ ඔවදන් අප විසින් හිස්මුදුනින් පිළිපැදීම මෙන්ම ඒවා අනුගමනය කිරීම අපගේ යුතුකමකි.පාසලේ ගෙවන කෙටි කාලය තුළ ඔවුහු අපව මුළු ලෝකය වටාම රුගෙන යති. ඒ ගමනේ කටුක ස්ථාන මෙන්ම සුන්දර ස්ථාන පිළිබඳ අපගේ හදවත් තුළට කා වද්දා ඒ මගින් අපගේ ජීවිත කාලයම හැඩ ගස්වයි. අප ඔවුන්ට සදා ණය ගැතියි.
රන්දි මැණික්
8 ශ්‍රේණිය,
ර/ මීපාගම ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය,
කලවාන.
Reply To:
Name - Reply Comment
0 Comments