ගුරු දිනය සමරමු
- 2019-05-03 10:08:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගුරුවරුන් යනු අප පළමුවරට පාසල් පැමිණි දා පටන් එකදු අකුරක් ලිවීමට වත් නොදැන සිටි අපට ශිල්ප ඥානය ලබා දෙමින්, හොඳ නරක කියා දෙමින් අප සමාජයේ හොඳ මිනිසුන් බවට පත් කිරීමට ඇප කැප වන දයාබර පිරිසකි. ගුරැ දිනය යනු එම දයාබර පිරිස වෙනුවෙන් වෙන් වුණු දවසයි. ගුරුවරුන්ට සැලකීමට විශේෂ දිනයක් අවශ්‍ය නැත. අපි ඔවුන්ට කරන ලොකුම උපකාරය හොඳින් ඉගෙනීමයි. ලොව වෙනස් කළ ශ්‍රේෂ්ඨ උගතුන් පවා බිහිවූයෙ ගුරුවරුන් නිසා ය. අපි පාසලේ දී වරදක් කළ විට ගුරුවරු අපට දඬුවම් කරති. එසේ කරන්නේ අපට ඇති ආදරය නිසා ය. එවැනි අවස්ථාවල අප තුළ ගුරුවරුන් කෙරෙහි අප්‍රසාදය ඇති වේ. ඒත් එම දඬුවම් පසුව අපගේ යහපතට ම හේතු වේ. ගුරුවරුන්ට සැලකීමට මෙම ගුරැදිනයේ දී සිතට ගන්න. ගුරුවරුන් අපේ ජීවිතය ජය ගැනීමට මහත් පිටුවහලකි. දැයේ දරැවන්ගේ නැණැස පහදාලීමට ඇප කැප වෙන සියලු ගුරැවරැන්ට මෙම රචනාව උපහාරයක් ම වේවා!
මෝදිත් විත්සුරු
6 ශ්‍රේණිය,
සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments