ජය සොයා අපි ඉදිරියට යමු
- 2019-04-12 14:53:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජය සොයා යන්නට අපි වෙහෙස වෙමු. ජයග්‍රහණය අප කරා නොඒවි. අපට අවශ්‍ය ජයග්‍රහණය අපි ලබා ගත යුතු වෙමු. එයට අවශ්‍ය කැපවීම, උත්සාහය, උනන්දුව අප ලබා තිබිය යුතු ය.
ඉරිසියාව, ක්‍රෝධය තිබූ විට අපට දියුණුවක් වන්නේ නැත. අපට ඉරිසියා කරන අයට අපි මෙත් වැඩියයුතු වෙමු. සෑම තරහා කාරයෙක් ම නිදුක් වෙත්වායි අපි ප්‍රාර්ථනා කරමු. එවිට අපේ පුංචි සිත් පහන් වේවි.
උදෑසන අවධි වූ වේලේ සිට අපි හොඳින් ඒ දින ගත කිරීමට උත්සාහ කරමු. අනුන්ගේ කේලම් බස් අපි නොඅසා ඉඳිමු. පාසල් වැඩ කටයුතු හරියාකාරව කර ගනිමු. මවුපියන්ගේ ගුරැවරැන්ගේ වැඩිහිටියන්ගේ අණට අපි කීකරැ වෙමු. ඔවුන්ගේ අදහස් අපි හිස නමා පිළිගනිමු. ඔවුන් සමග අපි එකට එක කීමට නොපෙලඹෙමු. එවිට ඔවුන්ගේ හිත් රිදේවි. මවුපියන් ගුරැවරැන් අපේ දෙවිවරැන් වැනි ය.
අනුන්ගේ ජයග්‍රහණ දුටු විට ඔවුනට අපි සුබ පතමු. ඒ තරමට ම අපි නිහතමානි වෙමු.
අපි දැන් ජයග්‍රහණයේ පියගැට පෙළ නැග අවසන් වන්න ඉතා ම ළඟ ය. අප කොතරම් අත්දැකීම් කම්කටොලු විඳ දරා ගෙන ද මෙතරම් දුරක් පැමිණියේ. පොඩ්ඩක් ආපසු හැරී බලන්න එවිට අපේ සිත් සතුටු වේවි.
ආදරණීය සහෝදර සහෝදරියනි.අපි හොඳින් වැඩ කරමු. එදිනෙදා වැඩ එදිනෙදා කර අවසන් කරමු. එවිට අපට පාඩම් වැඩ ගොඩ ගැසෙන්නේ නැත. අතපසු වන්නේ නැත.
හොඳින් පාඩම් කර විභාගය හොඳින් ජයග්‍රහණය කරනවාමයි සිතා සිත අධිෂ්ඨාන කර ගනිමු. අපේ ඒ අධිෂ්ඨානයේ ඵල අපට ලැබෙනවාමයි. නිරතුරැව ම අපි සැවොම උසස් ජයග්‍රහණයක් ලබන්නට වෙර දරමු. ඒ ජය විඳ අපි සතුටු වෙමු.
බාසුරැ සස්මිත විජේසේකර
10 ශ්‍රේණිය,
බප/ගම්/ චන්ද්‍ර ජෝති මහා විද්‍යාලය,
යක්කල.
Reply To:
Name - Reply Comment
0 Comments