Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

තාක්ෂණය අද ලොව පුරා කා අතරත් භාවිතයට ගැනෙන වදනකි. ලොකු කුඩා භේදයකින් තොරව කවුරැත් තාක්ෂණය භාවිත කිරීමට නැඹුරැ වී ඇත. තාක්ෂණයේ දියුණු වීමත් සමග අද සමාජයේ වැඩකටයුතු වඩාත් පහසු වී ඇත. දියුණුවත් සමග නිපදවන පරිගණක, දුරකථන, රෑපවාහිනි මගින් විශාල සේවයක් ඉටු වේ.
එදා අතීතයේ සිටි විද්වතුන් පරිගණකය ,දුරකථනය, රෑපවාහිනිය නිපදවීමෙන් කළ සේවය අගනේ ය. වර්තමානයේ පරිගණකය හරහා අන්තර්ජාලය වෙතට පිවිස , එමගින් තොරතුරැ ලබා ගැනීම, චිත්‍රපට නැරඹීම, එකිනෙකා අතර අන්තර් පුද්ගල සබඳතා ගොඩ නගා ගැනීම, දරැවන්ගේ අධ්‍යාපනයට ද මෙය ප්‍රයෝජනවත් වේ. දුරකථනය මගින්  පණිවිඩ හුවමාරැව, හදිසි අවස්ථාවකදී උපකාර ලබා ගැනීම,දුර සිටින අය සමග සබඳතා අලුත් කර ගැනීම වැනි දේ කළ හැකි ය. රෑපවාහිනිය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයකි. රටේ ලෝකයේ සිදුවන දෑ දැනගැනීමට ප්‍රවෘත්ති දැනගැනීමට, දරැවාගේ රසවින්දනයට මෙය යොදාගන්නා අතර මෙවැනි මෙවලම් භාවිතයේ දී අප බෙහෙවින් සැලකිලිමත් විය යුතු ය. 
වර්තමානය වනවිට මෙම උපකරණ නිසා සිදුවන විපත දිනෙන් දින ඉහළ යයි. විශේෂයෙන් මුහුණු පොත භාවිත කරන අයට මුහුණපෑමට සිදුවන ප්‍රශ්න ගැටලුවල නිමක් නැත. සිය දිවි නසා ගැනීම්, මානසික ආතතිය, නරක මිතුරන් ආශ්‍රයට යොමු වීම සිදුවේ. දුරකථනය භාවිත කරමින් රිය පදවන විට, පාර මාරැ වනවිට , ඡායාරෑප ගන්නා විට සිදුවන අනතුරැ පිළිබඳව බහුලව ප්‍රවෘත්තිවල සඳහන් වේ. අද බොහෝ දරැවෝ රෑපවාහිනියට ඇබ්බැහි වී සිටිති. එහෙත් රෑපවාහිනියේ ඇති බොහෝ දේවල් ප්‍රයෝජනවත් ඒවා නොවේ. මෙමගින් දරැවාගේ අධ්‍යාපනය කඩා වැටේ. ක්‍රියාකාරි බව අඩුවේ.
සමාජයේ කා අතරත් භාවිතයට ගන්නා මෙම උපාංග නිවැරදිව හසුරැවා ගැනීමට යොමු වෙමු. අවශ්‍ය දේවල් පමණක් ලබා ගනිමු. ප්‍ර යෝජනවත් දේට සිත යොමු කරමු. යහපත් මිතුරන් ළඟා කර ගනිමු. සාරවත් රසවින්දනයක් ලබමු. කුඩා දරැවන් වන අප ද මෙය නිවැරදි ව භාවිත කරමින් ඒ පිළිබඳ ව සමාජයට කියා දෙමින් යහපත් සමාජයකින් හෙබි ශ්‍රී ලංකාවක් ගොඩ නගමු.

ප්‍රවීණා කෞශාලි ද ෆොන්සේකා
9 ශ්‍රේණිය,
බප/ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය, මිලාගිරිය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.