දන්ත ධාතුව රුකගෙන ලක්දිව ආවෙමු
- 2019-03-01 14:52:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගුහශිව රජුගේ දියණිය හේමමාලා වන මමත් උදේනිපුර රජුගේ පුතු වන දන්ත කුමරැත් යන අප දෙදෙනා බුදුන් වහන්සේ පණ මෙන් රුකගෙන ලංකාද්විපයට වැඩමවීමු. මගේ පියාණෝ එනම් ගුහශිව රජු දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කොට දිවි පිදූහ. ක්ෂීරධාර රජු අප මාලිගයට පැමිණ දන්ත ධාතූන් වහන්සේ අත්පත් කර ගැනීමට අපි දෙදෙනා බමුණු වෙස් ගෙන දන්ත ධාතුව රුගෙන පලා ගියෙමු. මම එය හිස් මුදුනේ තබා කොණ්ඩය බැඳගතිමි. ඉක්බිති අප දෙදෙනා ලංකාද්වීපයට පැමිණියෙමු. ඉන්පසු අප අනුරාධපුරයට පැමිණි විට මහසෙන් රජු මියගොස් තිබුණි. පසුව අප දෙදෙනා මේඝගිරි විහාරයේ තෙරැන් හමු වී උන්වහන්සේ හරහා දළදාව රජුට භාර කරවීමු. එයින් අපට අත් වූයේ මහත් අස්වැසිල්ලකි. රජු අප කිරවැලි ග්‍රාමයේ පදිංචි කරවා රුකගත්තේය. අදටත් දළදාව ගැන කතා කිරන විට මිනිස්සු අප දෙදෙනා සිහිපත් කරති.
විනුජි කුරැකුලසූරිය
5 ශ්‍රේණිය,
මාර/සුජාතා විද්‍යාලය,
මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments