දයාබර විදු මෑණියනි
- 2019-06-07 09:42:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පිබිදෙන කැකුළු හිරැ කිරණින් නහවා බබළන තාරකා හා රන් සඳ වන්නට හොඳ පුරවැසියන් රටට බිහි කරන්නටයි ඔබේ මේ වෑයම විදු මෑණියනි. අප හට ශිල්ප සතර කිරි කර පොවා දහම් ගුණ රස කවා හොඳ පුරවැසියකු වීමට රුකබලාගත්තා පිළියන්දල විදු මෑණියනි.
මව හැරැණු විට දෙවැනි මව ඔබයි. ඔබේ ගුණ මට කියා නිම කළ නොහැකි ය. අපට පොතපත පිළිබඳ දැනුම් සම්භාරයක් ලබා දී අපගේ සැඟවුණු කුසලතා හා දක්ෂතා පිටතට ගෙන ඔප් නංවා දිරිමත් කරන ඔබ දේව මෑණියෙකි.
රටට වටිනා ගුණවත් හා නැණවත් පුරවැසියකු හා නියම බෞද්ධයකු ලෙස පිටතට දමන්නේ ඔබේ සියලු කටයුතු නිම කළ පසුයි. ලංකාවේ ප්‍රථම ජාතික ක්‍රීඩා පාසලක් ලෙස ඉහළ නාමාවලියක් ලද ඔබ ජාතික වීරවරයන් ද හැදූ පාසල් මෑණියි. මෙම සියලු ගුණ කිවහොත් මට නිමා කළ නොහැකි ය. එය පරක් තෙරක් නොපෙනෙන මුහුද මෙනි. අපි ඔබට සදා ණය ගැත්තෝ වෙමු.
සෙනුර නෙත්සර වැලිකල
8 ශ්‍රේණිය,
බප/පිළි/ මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments