Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දළදා වැඩම වු රාජා

  • 2018-11-30 21:19:23
  • 0 Comments

    මගේ පදිංචිය ගම්පහ දිස්ත්‍රික්කයේ සිය නෑ කෝරළයේ නැඳුන්ගමුව ගමේ ය. මම පදිංචි වලව්වේ අක්කර 8ක් පුරා භූමි භාගයක මා අනෙක් මිතුරා සතුටින් ජීවත් වෙනවා. අපගේ භාරකරැ අප ඉතා‍ හොඳින් රුකබලා ගන්නා අතර ලෙඩක් දුකක් වැලඳුණ විට ඉතාම ආදරයෙන් බෙහෙත් දී බ ලාගනියි.
මම නිවාඩු දිනවල කළු මාමා සමග නිදහසේ පොඩි රවුමක් ඇවිදින්න යන අතර පොඩි ළමයින් මගේ දළ දෙක ආශාවෙන් අතගානවා. මට කෙසෙල්, අන්නාසි, උක් එහෙම දෙනවා. මගෙ බඩයටින් ළමයින් රිංගවන්න සමහර අම්මලා බලා ඉන්නවා. මට හරිම ළෙන්ගතුයි මේ සෙනග. මමත් ඒ වගේම ආදරෙයි ඒ අයට. මාවබලාගන්නා කළු මාමා මට හරිම ආදරෙයි. මට ආදරේට පුතා කියලා කියනවා.
පසුගිය දිනවල මම අසනිප වුණාම කළු මාමා මා අතගගා හරිම දුකින් තමයි හිටියේ. මම හරිම ආසයි නාන්න.මම ගොඩාක්වෙලා ඔයේ නානවා.  මම කවදාවත් යකඩ බක්කිවල නැගලා නම් යන්නේ නෑ. ගමන් යන්නේ අපේ කකුල් හතර උපයෝගි කරගෙනයි.
දළදා පෙරහැර ළං වෙනකොට පිරිත් කියලා පිරිත්පැන්  දීලා ආශිර්වාද ලබාගෙන තමයි මම ගමන ආරම්භ කරන්නෙ. දළදා මාලිගාව කරා ඒ යද්දි මම නවතින තැන් කිහිපයක් ම තියෙනවා. ඒවායේ නැවතිලා වෙහෙස නිවාගෙන තමයි යන්නේ. මග දිගට ඉන්න හැමෝම රාජා එනවා කියමින් බලා ඉන්නවා. වයසක සමහර අම්මලා අනේ සාදු කියනවා.
පෙරහර දවස්වලට මම ටිකක් ආඩම්බරයි. මාව ලස්සනට අන්දවලා බල්බ් දාලා දළදා කරඬුව මගෙපිට උඩ තියාගෙන පාවාඩ දිගේ යනවා . මම අවුරැදු 11ක් දළදා කරඬුව වැඩමෙව්වා. ඇත්තටම මම වාසනාවන්තයි. ඒ පිනම මට ඇතිවේවි නිවන් දකින්න. 

බාසුරැ සස්මිත විජේසේකර‍
10 ශ්‍රේණිය,
බප/චන්ද්‍ර ජෝති මහා විද්‍යාලය,
යක්කල.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.