නරියා සහ ඉබ්බා
- 2018-05-23 14:16:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තද හාමතින් සිටි නරියකුට හොඳ කෑමක් අවශ්‍ය වුණා. ඔහු ඒ සහා ඉබ්බෙක් අල්ලා ගත්තා. එහෙත් ශක්තිමත් ඉබි කටුව ඉවත් කර කෑමට ගැනීමට ඔහුට අමාරැ වුණා. මගේ කටුව තද ගතිය යන්නට නම් මා වතුරට දමන්න. නුවණ ඇති ඉබ්බා යෝජනා කළා. මෙය ඉතාම හොඳ අදහසක් කියලා නරියා හිතුවා. තම ගොදුර දියපාරක් වෙත ගොන ගොස් නරියා ඉබ්බා දියේ ගිල්වූවා. දක්ෂ පිහිනුම්කරැවකු වන ඉබ්බා නරියාගේ කකුල්වලින් මිදී දිය ඇළ මැදට පීනාගොස් මතුවුණා. ඔබට වැඩි කපටි තවත් සතුන් ඉන්නා බව මතක තියාගෙන දැන් ඉතින් බඩගින්නේ ඉන්න කියා ඉබ්බා හිනාවෙමින් කිව්වා.
කවීශා විදුසරණි පෙරේරා
9 ශ්‍රේණිය,
බප/ජය/මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විද්‍යාලය,
මුල්ලේරියාව.
Reply To:
Name - Reply Comment
0 Comments