පරිසරය අප රකී රකිමු අපි පරිසරය
- 2019-06-11 16:13:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජල ගෝලය, වායු ගෝලය, ශිලා ගෝලය සහ ජෛව ගෝලය ඔස්සේ පදනම් වූ අප අවට ඇති වටපිටාව පරිසරයයි. උපතේ දී අප නැළවෙන තොටිල්ලත්, මරණයෙන් පසු අප සැතපෙන මරණ මංචකයත් යන මේවා ඉදිකරනුයේ පරිසරයේ පවතින දැවවලිනි. අප හෙළන හුස්ම පොදේ සිට අප විසින් සිදුකරනු ලබන සෑම කටයුත්තක දීම පරිසරය අප සමග බැඳී සිටියි. මිනිසාගේ අවශ්‍යතා වැඩි වීමත් සමග මිනිසාට පරිසරය පිළිබඳ ඇති ඇල්ම ක්ෂය වී ඇති බව පෙනී යයි. අනවසර ඉදිකිරීම්, ගස්වැල් කපාදැමීම්, අනවසර කැණීම් කටයුතු හා ගංගාවල වැලි ගොඩදැමීම ආදී දේ හේතුකොට ගනිමින් වර්තමානය දෙසට නෙත යොමු කරන විට පරිසරය මිනිසාට ද්‍රෝහි වී ඇත. මෙම දිනවල පවතින අධික වර්ෂාව හේතුකොට ගනිමින් ඇති වූ ගංවතුර සහ නායයෑම් තත්ත්වය ඊට නිදසුනක් පමණි. ජුනි 05 වැනි දිනට ලෝක පරිසර දිනය සමරනුයේ මිනිසා පරිසරයට ඇති ඇල්ම නිසා නොව වර්තමානය එය රුල්ලකට ගොස් පවතින නිසාය. රජය විසින් පරිසරය සුරුකීමට විවිධ ක්‍රියාමාර්ග ගත්ත ද පරිසරය විසින් අප සුරකීද අප විසින් පරිසරය සුරුකිය යුතුවේ. මිනිසා සහ පරිසරය අතර පවතිනුයේ අනුපමේය බැඳීමකි. එය ගසට පොත්තත්, එකම කාසියක දෙපැත්තක් මෙන් පර්යාය වේ.
ජී.කවීෂා දිල්ෂානි
12 වැනි ශ්‍රේණිය,
මාර/දෙනගම විපුලසාර මැදි මහ විදුහල, දෙනගම.
Reply To:
Name - Reply Comment
0 Comments