පරිසරය සුරකිමු
- 2018-01-09 10:43:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පරිසරය යනු මිනිසා ඇතුළු සියලුම සතුන් ජීවත්වන වටපිටාවයි. පරිසරය ජීවීන්ගේ පැවැත්මට අමිල මෙහෙයක් ඉටුකරයි. අපට ආහාරපාන, ඇඳුම් පැලඳුම් හා නිවාස සාදාගැනීමට පරිසරය උපකාරී වෙයි. පරිසරයට අයත් අංග කිහිපයක් නම් කඳු, කැලෑ, වනසතුන් හා කුඹුරැ වැනි දේය.
වන විනාශය ගංගා ඇළ දොළවලට, අපද්‍රව්‍ය බැහැර කිරීම, වන සතුන් මරා දැමීම, ඝෝෂාකාරී ශබ්ද පිටකිරීම, පොලිතීන් අවිධිමත් ලෙස භාවිතය සහ රටවල් අතර පවතින යුද්ධ වැනි හේතුවලින් පරිසරය දූෂණය වේ. පරිසරය විනාශ වීම සියලුම ජීවින්ට අයහපත් ප්‍රතිඵල ගෙන දේ. අයහපත් ප්‍රතිඵල කිහිපයක් නම් වැස්ස අඩුවීම, පානීය ජලය හිඟවීම, ස්වාභාවික ආපදා වැඩිවීම, උෂ්ණත්වය ඉහළ යාම, වසංගත පැතිරී යාම හා පස නිසරැ වීමයි. ගංගාවලට අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් වැළකීම, පොලිතීන් භාවිතය අඩුකිරීම, ගස් කැපීමෙන් වැළකීම, යන දේවල්වලින් හා පැළ සිටුවීමෙන් මෙවැනි හානි අවම කරගත හැක. සියලුම ජීවීන්ට පරිසරයෙන් තොර පැවැත්මක් නැත. එම නිසා පරිසරය ආරක්ෂා කිරීමට අප සැම හිතට ගත යුතුය.
මෝදිත් විත්සුරැ
7 වැනි ශ්‍රේණිය,
සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය,
මතුගම.
Reply To:
Name - Reply Comment
0 Comments