පවිත්‍ර පරිසරයකට
- 2017-10-06 18:14:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පරිසරය යනු අප අවට වටපිටාවයි. එයට ගස්වැල්, ගොඩනැගිලි, මිනිසුන්, වනාන්තර වැනි බොහෝ දෑ අයත් වේ. ඒ අතින් ගස්වැල් අපට බොහෝ ප්‍රයෝජනවත් වේ. සෙවණ ලබාගැනීම දැව ලබා ගැනීම, සත්ත්ව වාසස්ථාන සැදීම හා පිරිසුදු වාතය ලබා ගැනීම ඉන් අත්වන ප්‍රයෝජන කිහිපයකි.
ගස්වැල් කපා විනාශ කිරීම මෙන් ම පරිසරයට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක් කිරීම නිසා පරිසරය දූෂණය වෙයි. මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පරිසරයට ඉතා අතිකකරවේ. අනාගතයේ මිනිසුන්ට මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිසා විවිධ රෝගවලට මුහුණ දීමට සිදුවනු ඇත. පිළිකා, ප්‍රජනක පද්ධතියේ අක්‍රමිකතා, ස්නායු පද්ධතියේ අක්‍රමිකතා වැනි රෝග ඊට නිදසුන් වේ. මේවායින් සිදුවන අහිකතර තත්ත්වය පාලනයට නම් එම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් කිරීම සිදු කළ යුතු ය. නැතිනම් භාවිතය අවම කළ යුතු ය. වසරකට ටොන් මිලියන 40කට අධික ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරේ.
පරිසරය පවිත්‍රව තබාගැනීමට නම් පොලිතීන්, ප්ලාස්ටික් වැනි දිරාපත් නොවන අපද්‍රව්‍ය ද අවම කළ යුතු ය. පොලිතීන් පිලිස්සීමෙන් වැළකිය යුතු ය. තම නිවසේ එකතු වන කුණු අපද්‍රව්‍ය තැන තැන දැමීම නුසුදුසු ය. මේවා සිතට ගෙන අපි පරිසරය මනාව රුකගැනීමට ඉදිරිපත් වෙමු.
ලශිනි ශදිරා
7 ශ්‍රේණිය,
ගා/නාගොඩ රාජකීය ජාතික පාසල.
Reply To:
Name - Reply Comment
0 Comments