Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

    ක්‍රිෂ්ණම්, දිමිත් සහ මම දියලුම දිය ඇල්ලෙන් නෑමට ගියෙමු.  සැඩ වේගයෙන් සුදු පෙණ මතු කරමින් ගලා යන ජලය අතරින් ක්‍රිෂ්ණම් නොපෙනි ගියේ ය. ආශ්චර්යයකි. දිය ඇල්ල අතරින් ගුහාවකි. ක්‍රිෂ්ණම් ගුහාව තුළ සිටි අතර අපි දෙදෙනා ද පසුව ගුහාවට ඇතුළු වූයෙමු. ගුහාව අවසන්වෙත් ම අපූර්ව ලොවකි. අප දැන් උස්  බිමක සිටි අතර ආගාධයෙහි වූ අපූර්ව ලොව විස්මයෙන් අපි උත්තේජනය වීමු. පුර්ව ගාත්‍රා හා අපර චර්මීය පටල පිහිටා ඇති ටෙරොඩැක්ටිලයෙක් හා සමාන විශාල පක්ෂියෝ ඔබ මොබ පියාඹමින් සිටියෝ ය. එකෙක් අප ආසන්නයේ සිටි බැවින් උගේ පිට නැගී ආගාධයෙහි වූ අපූර්ව ලොව වෙත අපි ගමන් කළෙමු. 
    ස්වල්ප වේලාවකින් ම්ලේච්ඡ වනචාරින්ගේ ග්‍රහණයට අපි හසුවීමු. පෙනුමෙන් රතු ඉන්දියන්වරැන් හා සමාන වූවත් සිංහල භාෂාව කතා කිරීමට ඔවුන්ට හැකි ය. ඔවුහු අපව ගෙන ගොස් ගැලවුම්කාරයා නම් ගසෙහි බැඳ දැමූ අතර ඔවුන්ගේ සාම්ප්‍රදායික නර්තනයක් අප වටා රඟ දැක්වූහ. ඒ ආසන්නයේ ලෝකාන්ත බඳු තැනක මිනිසුන් දස දෙනෙකුටවත් එසැවිය නොහැකි ගල්කණු සතරක් ඍජුකෝණාස්‍රාකාර හැඩයට තබා තිබුණේ     කිසියම් දොරටුවක් මෙනි.
    එම දොරටුවලින් මතු වූයේ පිටසක්වළ බුද්ධිමතුන් ය. පිටසක්වළ බුද්ධිමතුනගේ ශිෂ්ට සම්පන්න අවි ආයුධවලට මෙම වනචාරි මිනිසුන්ගේ අවි ආයුධ සුළු ඒවා විය. අපට දිස්වූයේ වනචාරීන් පරාජය වෙමින් පවතින බවයි.
    මුඛයෙන් සාක්කුවෙහි වූ පිහිට ගත් මම මාගේ අත් ගැට ගැසූ ලණුව කපා ඉවත් කළෙමි. පසුව මාගේ මිතුරන් ගලවා ගතිමි. පසුව ගල්කණු වලින් සැදුම්ලත් දොරටුවට බරව සිටින සුවිසල් ගැලවුම්කාරයා ගස බිම තිබූ පිටසක්වළ ආයුධයකින් කපා දැමුවෙමි. ගස දෙරටුවමතට වැටුණු විට දොරටුව විනාශ වූ අතර පිට සක්වළයන් පෘථිවිය හා පැවැති අන්තර් සම්බන්ධ ජාලය ද විනාශ වි ය. පිටසක්වළයන් අතුරැදහන් විය. ගැලවුම්කාරයා ගසේ පැළයක් අපට දක්නට ලැබිණි. ගෝත්‍ර නායකයාගේ ඉල්ලීම පරිදි මම ගෝත්‍ර නායකකම පිළිගත් අතර තවත් වසර ගණනාවක් මේ ලොවේ ගත කිරීමට අපි කැමැති වූයෙමු.  

දුලක් නෙත්මික
8 ශ්‍රේණිය,
මහින්ද රාජපක්ෂ විද්‍යාලය,හෝමාගම.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.