පුංචි අපට සිරි සැප දෙයි සිරි ලංකා දීපේ
- 2019-11-29 13:53:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පරක් තෙරක් නොපෙනෙන මහා සයුරක් මැද පිහිටි පුංචි දිවයිනකි, මගේ මවුබිම. පුංචි වුවත් එහි ඇති අගය නිසා ම ‘ඉන්දිය සාගරයේ මුතු ඇටය‘ යන ලස්සන නමින් එය හැඳින්වේ. කඳු හෙල් තැනිතලාවලින් හෙබි දර්ශනීය පොළෝ තලයක් ලක්මෑණිට හිමි වී ඇත. කඳු මුදුන්වලින් ඇද හැලෙන රමණීය දිය ඇලි හා සිවු දිගට ගලා බස්නා ගංගා ඇළ දොළ නිසා මේ භූමි භාගය වඩාත් සුන්දර වෙයි. හාත්පසින් හමා එන මුහුදු සුළං රුල්ලෙන් ලැබෙන සිසිලස අපේ ගතත් සිතත් සනසාලයි භයානක ජල ගැලීම්, ගිනිකඳු පිපිරීම්, නියඟයන් වැනි ස්වාභාවික ව්‍යසනයන්ගෙන් බියක් අපට ඇති නොවේ. ආහාර පානවලින් ස්වයංපෝෂිත විය හැකි සරැසාර පොළොවක් අපට ඇත. දෑතේ මහන්සියෙන් ඒ රන් පස පෙරළා බීජ වැපුරෑ සැණින් දලු ලා කොළ ලා මල් ඵල ගැන් වී වහා පිබිදී එයි.
පාතිමා රෙහානා
9 ශ්‍රේණිය,
බප/ජය/ ජනාධිපති බාලිකා විද්‍යාලය,
නාවල කොස්වත්ත. නුගේගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments