පොත පත කියවීම දියුණු කිරීම
- 2019-10-17 21:21:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි‘ යන පිරැළ ලොකු කුඩා කාඅතරත් බෙහෙවින් ජනප්‍රිය වූ වටිනා හා ගැඹුරැ අරැතක් ගෙන දෙන්නකි. මෙහි අරැත නිවැරදිව තේරැම් ගත යුතු ය. කියවීම යනු අතට අසුවන ඕනෑම දෙයක් ඉවක් බවක් නොමැතිව කියවීම නොවේ. එසේ නම් යමක් පිළිබඳ ව නිවැරදි අවබෝධයක් දැනුමක් වර්ධනය කර ගැනීමටත් නිවැරදිව ක්‍රියාවට නැගීමටත් පහසු වන ආකාරයේ නිරවුල් කියවීම හා ප්‍රායෝගිකත්වය සඳහා යොදා ගැනීම යි. එකී අරමුණු පෙරදැරිව කියවීම කරන පුද්ගලයා බොහෝ දේ දන්නෙකි. පූර්ණ මිනිසෙකි. සංවර්ධනය වන ලෝකය සමග අත්වැල් බැඳ නිවැරදිව ඉදිරියට යන්නෙකි.
කියවීමෙන් තොර වූ පුද්ගලයා ගැන කතා කිරීමේ දී දූපත් මානසිකත්වයට කොටු වූ පටු දැනුම් සහිත ප්‍රායෝගික සංවර්ධනය කරා පිය නැගීමට අසීරැතා දක්වන අ ඩු දැනුම් ප්‍රමාණයකට හිමිකම් කියන්නකු බව කිව යුතු ය.ඔහු ළිං මැඬියකුට සමාන කරන්නේ එහෙයිනි.‘මිනිසා සිටින්නේ ශාස්ත්‍ර නම් තටාකයේ ගිලී මියයන්ට නොව ශාස්ත්‍ර නම් සයුරේ කිමිද මුතු ගෙන ඒමටයි‘ මහත්මා ගාන්ධි තුමාගේ එම යන කියමන අනුව දියුණුවන ලෝකය සමග ජීවත්වීමට නම් කියවීම අත්‍යවශ්‍ය දෙයක් බව කියැවේ.
දැනුමින් කුසලතාවෙන් පිරිපුන් රසඥතාව වර්ධනය වූ යහපත් සමාජයක් ගොඩ නංවා ගැනීමට කියවීම ඉවහල් වන බව මෙයින් පැහැදිලි වේ.
පබෝදා මින්සිළුණි
12 ශ්‍රේණිය,
බප/ජය/ ශ්‍රී රාහුල බාලිකා මහා විද්‍යාලය,
මාලබේ.
Reply To:
Name - Reply Comment
0 Comments