පොදු දේපළ සුරකිමු
- 2018-06-22 18:08:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වර්තමානයේ සමාජයේ ශීඝ්‍රයෙන් ඉවත්ව යන‘ පොදු දේපළ සුරුකීම‘ තව දුරටත් සිතා බැලිය යුත්තකි. මොනවද මේ පොදු දේපළ. පාසල්,පන්සල, රෝහල්, රජයේ කාර්යාල, බස්රිය, දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවා මේ හැම එකක්ම ගැනෙන්නේ පොදු දේපළ ගණයට ය. මේවාට වැය කර තිබෙන්නේ අපේම මුදල්. එසේ නම් පොදු දේපළ කියන්නේ අපේම දේපළයි.
පොදු දේපළවලට කරන හානිය දැක්කම අපේ හදවතේ ඇතිවන්නේ කිව නොහැකි තරම් වේදනාවක්. උදේ පටන් ම කාර්යාලවල විදුලි බුබුළු දල්වලා. විදුලි පංකා පැය විසිහතරේම වැඩ කරනවා. පොදු තැන්වල ඇති ජල කරාම විවෘත කළ ගමන්මයි. කලය, වතුර භාජනය ජලයෙන් පිරී ඉතිරී ගියත් ජලකරාම වහන්නේ නැහැ. මේ ගැන ජාතියක් වශයෙන් අපි හැමෝම එකා වගේ හිතන්න ඕනෑ. ඒ ගැන සිතා මතා ඉදිරි මතු පරම්පාරව සඳහා ඒවා සුරුකිය යුතුයි.
අකිල බිම්සර පරණගම
6 ශ්‍රේණිය,
මිනු/ජනාධිපති විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments