පොදු දේපළ සුරකිමි
- 2018-09-12 16:23:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පොදු දේපළ යනු අප සැමදෙනාට ම පොදුවේ පරිහරණය කළ හැකි වස්තු වේ. අපි පොදු දේපළ හොඳින් ආරක්ෂා කළ යුතු වෙමු. එසේ ආරක්ෂා කළ යුත්තේ අපි භාවිතයට ගත්ත පොදු වස්තුවක් නැවත තවත් පුද්ගලයකුට භාවිත කිරීමට තැබිය යුතු නිසා ය. අප පොදු දේපළ විනාශ කළහොත් ඒවා අනාගත පරපුරට නැවත අලුතින් සැකසීමට වනු ඇත. නැතහොත් අනාගත පරපුරට පොදු දේපළක් ඉතිරි වන්නේ නැත.
පාසල පොදු දේපළකි. එය අප හොඳින් රුකගත යුතු ය. ඇතැම් අය පාසලේ බිත්තිවල, මේස පුටුවල බංකුවල වැසිකිළියේ දොරවල කුරැටු ගා තීන්තෙන් ලියා සූරා දමා නොයෙකුත් අලාභහානි කර තිබේ.
රෝහල, බස් නැවතුම්පොළ, බස්රිය, දුම්රිය වැනි පොදු දේපළ නිතර ඒවා පරිහරණය කරන අය අතින් ම හානියට පත්වේ. එම නිසා අප පොදු දේපළ සුරුකීමට නන් අයුරින් උදව් කරමු. අධිෂ්ඨානශීලී වෙමු.
මෙහන්සා මනුත්මි
7 ශ්‍රේණිය.
ජනාධිපති බාලිකා විද්‍යාලය ,නාවල
Reply To:
Name - Reply Comment
0 Comments