පොලිතීන්වලින් තොර පරිසරයක්
- 2019-05-10 11:22:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පොලිතීන් යනු පරිසරයට මුදා හැරියවිට ඉතා දිගු කාලයක් ගත වන තුරැ දිරාපත් නොවන ද්‍රව්‍යයකි. පොලිතීන් දිරා යාමට මුළුමනින් ම වසර 200ක් පමණ කාලයක් ගත වේ යැයි ගණනය කර ඇත. අද සමාජයේ බොහෝ ස්ථාන දෙස හැරී බැලූ විට නිතරම දක්නට ලැබෙන්නේ පොලිතින් හා ප්ලාස්ටික් වැනි නොදිරන ද්‍රව්‍යයි. මිනිසුන් පොලිතින් භාවිතයට ඉතා ගැඹුරැ ලෙස හුරැ වී ඇත. එය සම්පූර්ණයෙන් ම නතර කළ නොහැකි තත්ත්වයක් මේ වන විටත් උදාවෙමින් පවතී. අප වෙළෙඳ සලකට යන විට පොලිතීන් මල්ලක් වෙනුවට රෙදි හෝ පන් මල්ලක් රුගෙන යාමට හුරැ වීම වැදගත්ය. පොලිතින් භාවිතය වෙනුවට භාවිත කළ හැකි විකල්ප ක්‍රම රාශියක් ඇත. ඒවා නම්.
කඩදාසි දවටන, රෙදි හෝ පන්මළු බට පතුරැ බෑග්, කැන්ද, කෙසෙල් හා නෙලුම් කොළ වේ.
භාවිතය අවම කිරීම සඳහා එක් වතාවක් භාවිත කළ පොලිතීන් මලු නැවත භාවිත කිරීම මගින් පරිසරයට මුදා හරින පොලිතීන් ප්‍රමාණය අඩු කර ගත හැකි ය. පරිසරය මුළුමනින් ම ආරක්ෂා කරගත යුත්තේ අප විසින් ම ය. අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරිම පුරැදු වන්න. මිහිකත සනසන සුන්දර දරැවන් ලෙස අපි සියලු දෙනා පොලිතීන් භාවිතයෙන් ඈත් වෙමු.
පවිත්‍රා දිසානායක
8 ශ්‍රේණිය,
ගා/මාගෙදර ද්විතියික පාසල.
Reply To:
Name - Reply Comment
0 Comments