බුරුසුව දත් බෙහෙත් හා බ්ලින්කි බබා
- 2019-11-27 14:33:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
‘අම්මෝ, දත්බෙහෙත් යාළුවේ, ඔයා දැක්කහම මට බයත් හිතෙනවා‘
එක් උදෑසනක බ්ලින්කි බබාගේ නිවසේ නානකාමරයේ බුරැසු යාළුවයි දත්බෙහෙත් යාළුවයි අතර මේ වගේ සංවාදයක් ඇති වුණා.
‘ඒ ඇයි බුරැසු යාළුවේ?‘ දත්බෙහෙත් යාළුවා පුදුමයෙන් වගේ ඇසුවා.
‘අර බ්ලින්කි බබා ඔයාව මගේ ඔළුව පුරාම හලාගෙන මහ ජංජාලයක් කරනවනේ. මතක් වෙනකොටත් මගේ ඇඟ හිරිවැටෙනවා‘ බුරැසු යාළුවා බියෙන් වගේ කිවුවා.
‘ඒක තමයි මමත් දකිනවා ඔයා විඳින දුක‘ දත්බෙහෙත් යාළුවා කිවුවා. ඔන්න ඉතින් එහෙම කියනකොට ම බ්ලින්කි බබා දත් මදින්න ආවා. බුරැසු යාළුවා හොඳට ම බය වුණා.
‘කෝ මගේ දත් බුරැසුවයි දත්බෙහෙත් ටිකයි‘ කියමින් බ්ලින්කි බබා ඒ දෙන්නාව හෙවුවා.
‘ ආ මේ ඉන්නේ දෙන්නා‘ කියමින් දත්බෙහෙත් ගොඩාක් බුරැසුවට හලලා හයියෙන් දත් මදින්න පටන් ගත්තා. එතකොට බුරැසුව දෙකට කැඩුණා. එයා ඒක කුණු කුඩෙට දැම්මා. දත්බෙහෙත් යාළුවා දුකින් බලා හිටියා.
ගයේෂි ෂිහාරා ගුණරත්න
6 ශ්‍රේණිය,
බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය, වේයන්ගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments