බොදු අපේ මුදුන්මල්කඩ
- 2018-12-14 17:07:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බෞද්ධයාගේ මුදුන්මල්කඩ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන්නේ දළදා මන්දිරයයි. ලොව්තුරැ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වම් දළදාව තැන්පත් කර කොට ඇති මෙම මැදුර දෙස් විදෙස් බොදු ජනයාගේ වන්දනාවට පාත්‍ර වන පූජනීය ස්ථානයක් ලෙස වැදගත් තැනක් හිමි කර ගෙන ඇත. හේමමලා කුමරිය හා දන්තකුමරැවන් ලංකාද්වීපයට වැඩමවා ගෙන ආ උතුම් දළදා වහන්සේ පෙර රජ දවසේ පටන් ම රාජ්‍යත්වයේ සංකේතය විය. දාඨා වංශය, දළදා වංශය, ධාතු වංශය, දළදා සිරිත ආදි දළදා වහන්සේ සඳහා සිදුකරන විවිධ පුද පූජා අළලා ලියැවුණු පැරණි ග්‍රන්ථ කිහිපයකි.
දළදා මාලිගාව ගැන උනන්දුවන ඕනෑම සැදැහැවත් බෞද්ධයකුට මුලින්ම සිහිපත් වනුයේ දළදා පෙරහරයි. කප් සිටුවීමේ චාරිත්‍රය මුල් කරගෙන ආරම්භ වන මෙය විවිධ සංස්කෘතිකාංග රුසකින් යුත් උත්කර්ෂවත් අලංකෘත පෙරහරකි. දුර බැහැර සිට වුවත් සාදු නද දෙමින් මහනුවර බලා ගමන් ගන්නා වන්දනාකරැවෝ දළදා මැදුර වටා ඇති දේවාල වන්දනාව දඅමතක නොකරති. රටට එල්ලවන ඕනෑම ගැටලුවක දී රටේ ආරක්ෂාව පතා දළදා මැඳුරට ගොස් භාරහාර වීම බෞද්ධයන්ගේ සිරිතක් වී හමාර ය. නූතනයේ දී දේශීය සංස්කෘතිය හා දේශීය අනන්‍යතාව විදහාපාන ඓතිහාසික පූජනීය ස්ථානයක් ලෙස මහනුවර ශ්‍රී දළදා මන්දිරය හැඳින්විය හැකි ය.
ධරණි චතුරාර්යා
9 ශ්‍රේණිය,
මහින්ද රාජපක්ෂ විද්‍යාලය, හෝමාගම.
Reply To:
Name - Reply Comment
0 Comments