බොදු අපේ මුදුන්මල්කඩ
- 2019-01-07 13:50:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලක්වාසී බෞද්ධයා ජීවමාන බුදුන් වහන්සේ මෙන් සලකා වැඳුම් පිදුම් කරන පූජනීය වස්තූන් දෙකක් ඇත. ඒ අනුරාධපුර උඩමළුවේ වැජඹෙන ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ මහනුවර දළදා මාලිගාවේ තැන්පත් කර ඇති ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ යි. දළදා වහන්සේ බොදු අපගේ මුදුන්මල්කඩ යනුවෙන් හඳුන්වයි.
උතුම් බුදු සිරැර සඳුන් දරසෑයේ ආදාහනය වන විට ඛේම නම් මහරහතන් වහන්සේ සෑයෙන් ඉවත් කරගෙන ඇත්තේ වාම දළදා වහන්සේයි. දළදා වහන්සේ ලක්දිවට වැඩමවනවිට මෙරට රජ කළේ කිත්සිරිමෙවන් රජු ය. දන්ත කුමරැ හා හේමමාලා කුමරිය විසින් දළදා වහන්සේ මෙරටට වැඩමවන ලදි. මේඝගිරි විහාරයට වැඩමවන ලද දළදා වහන්සේ පිළිගත් කිත්සිරි මෙවන් රජු එය අනුරාධපුරයේ අභයුත්තර විහාරයට වැඩමවන ලදි. පසුකාලයේ විදේශිකයන් විසින් දළදාව සොරකම් කරන ලද්දේ දළදාව ජාතික වස්තුවක් වූ බැවිනි. දළදා වහන්සේ බේරා ගැනීම සඳහා අතීත රජවරැන්ට යුද වැදීමට සිදු විය. පසුව දළදාව මහනුවරට වැඩමවන ලද්දේ පළමුවන විමලධර්මසූරිය රජු විසිනි. දළදා වහන්සේ මහනුවරට වැඩමවා දළදා මාලිගාව ඉදිකරන ලද්දේ ද එතුමන් විසිනි. වර්තමානය වන විට දළදාව ආරක්ෂා කිරීමට භාරව ඇත්තේ මල්වතු අස්ගිරි නාහිමිවරැන්ට ය. දියවඩන නිලමේතුමාටත් එම වගකීම පැවරී ඇත.
ජීවමාන බුදුන් ලෙස සලකා දන්ත ධාතූන් වහන්සේට සැලකීම හා ගෞරව කිරීම, වැඳුම් පිදුම් කිරීම කාගේත් යුතුකමක් මෙන්ම වගකීමක්ව පවතී.
අසිත්මා දින්මලී පතිරත්න
8 ශ්‍රේණිය,
හලා/සේනානායක මධ්‍ය විද්‍යාලය,
මාදම්පේ.
Reply To:
Name - Reply Comment
0 Comments