මගේ අවුරැදු පැතුම
- 2018-05-06 12:13:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අවුරැදු ලබන්න තව ටික දවසයි. ඒත් මට නම් මෙදා අවුරැදු නෑ වගේ. මොකද තාම මාව ගෙදර එක්කගෙන යන්න අම්මා ආවේ නෑනේ. මට මතකයි අම්මා මාව මේ ගෙදරට එක්ක ඇවිත් දාලා යන වෙලාවේ කිව්වා& ‘පුතේ මේ නෝනා කියන වැඩ ටික කරලා හොඳින් ඉන්න. මම පුතාව අවුරැද්දට එක්ක යන්න එනවා‘ කියා.* මෙසේ කියූ අම්මා තවම මා රුගෙන යාමට නොපැමිණියේ ඇයි දැයි මම නොදනිමි. ඇයට අනතුරක් වී දැයි මට සැක සිතේ.මා දොර අයිනට වී බලා සිටින්නේ මගේ මව පැමිණෙන තුරැ ය. මගේ අවුරැදු පැතුම වන්නේ මා රුගෙන යාමට මව පැමිණීම යි. මා ගෙදර එනකම් මගේ සොයුරන් ද මඟ බලාගෙන ඇතැයි මට සිතේ. දැන් කරැවල වීමට ද ආසන්න ය. මම දොර වසා ගෙන ගොස් සවස වැඩ හමාර කර ඇඳට ගිය ද මට නින්ද නොපැමිණියේ ගෙදර මතක් වූ නිසා ය. යන්තම් ඇස පිය වුණු විට දී මට සිහිනෙන් පෙනුණේ අම්මා පැමිණ මා කැඳවාගෙන යන අයුරැ ය. පසු දින ද මා පාර දෙස බලා සිටියෙමි. සවස්වන විට පාර කෙරවලින් අම්මාගේ ඡායාව මතු විය .මම දුව ගොස් මගේ අම්මාගේ අතින් අල්ලාගත්තෙමි.
පියුමි සත්සරණි වීරතුංග
8 ශ්‍රේණිය,
මහ/විහාරමහා දේවී බාලිකා විද්‍යාලය,
මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments