මගේ අවුරැදු පැතුම
- 2018-05-06 12:14:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අවුරැදු ලබන්න තව ටික දවසයි. ඒත් මට නම් අවුරැදු ලබන්නෑ වගේ මොකද තාම මා ගෙදර එක්කගෙන යන්න අම්මා ආවේ නෑනේ. මට මතකයි අම්ම මා මේ ගෙදරට එක්ක ඇවිත් දාලා යන වේලාවෙ කිව්වා. “පුතේ මේ නෝනා කියන වැඩ ටික කරලා හොඳින් ඉන්න. මම පුතා අවුරැද්දට එක්ක යන්න එනවා.* මෙසේ කියා තවම මා රුගෙන යාමට නොපැමිණියේ ඇයි දැයි මම නොදනිමි.
ඇයට අනතුරක් වී දැයි මට සැක සිතේ. මා දොර අයිනට වී බලා සිටින්නේ මගේ මව පැමිණෙන තුරැය. මගේ අවුරැදු පැතුම වන්නේ මා රුගෙන යාමට මව පැමිණීමයි. මා ගෙදර එනකම් මගේ සොයුරන් ද මග බලාගෙන ඇතැයි මට සිතේ. දැන් කරැවල වීමට ද ආසන්නය. මම දොර වසා ගෙට ගොස් සවස වැඩ හමාර කර ඇඳට ගියද මට නින්ද නොපැමිණියේ ගෙදර මතක් වූ නිසාය. යන්තම් ඇස පියවුණු විටද මට සිහිනෙන් පෙනුණේ අම්මා පැමිණ මා කැඳවාගෙන යන අයුරැය. පසුදින ද මා පාර දෙස බලා සිටින විට ඈතින් මවගේ ඡායාව පෙනෙන්නට විය. මම පාර දෙසට දුවගොස් මවගේ අතින් අල්ලා ගත්තෙමි.
පියුමි සත්සරණි වීරතුංග
8 වැනි ශ්‍රේණිය,
මහ/විහාරමහාදේවී බාලිකා විදුහල,
මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments