මගේ අවුරැදු පැතුම
- 2018-05-10 15:59:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අලුත් අවුරැදු උත්සවය ළඟ ළඟම පැමිණෙන බව සොබාදහමෙන් අපට යළි යළිත් හඬ ගා කියාපාන්නේ කොහාය. අවුරැදු සමය එළඹෙන තෙක් ළමයින් සේම වැඩිහිටියන් ඇඟිලි ගනිමින් සිටින බව නොරහසකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම අළලා උත්සවාකාරයෙන් සමරනු ලබන අලුත් අවුරැද්දේ අාධ්‍යාත්මික හරය විය යුත්තේ පරණ අමනාපකම් දුරැකර ගනිමින් සාමය හා සතුට ඇතිකර ගැනීමයි. ඒ හැමදෙන එක්වී අවුරැදු සැමරීම මෙන්ම චාරිත්‍රයක් ලෙස නෑගම් යාම අගය කොට සැලකිය යුතුයි. එලෙසම මෙමගින් වැඩිහිටියන්ට ගරැ කිරීම හා සැලකීම මෙන්ම කළගුණ සැලකීම වැනි උසස් මානුෂීය ගුණාංග ඉස්මතු කළ යුතු බව ඒ හා සබැඳි චාරිත්‍රවලින් පෙනේ. වසර පුරා ජලය සැපයූ ළිඳ සමග ගනුදෙනු කිරීම මගින් ජීව මෙන්ම අජීව වස්තූන්ට කළගුණ සැලකීමේ උතුම් මානුෂීය ගුණාංගය ප්‍රකට කරයි. එබැවින් මාගේ අලුත් අවුරැදු පැතුම වන්නේ සියලු දෙනාම අලුත් අවුරැද්දේ යථාර්ථය අවබෝධ කර ගනිමින්, උසස් ගුණධර්ම වර්ධනය කර ගනිමින් සාමයෙන් හා සහයෝගයෙන් ජීවත් වීමයි.
ලක්ෂාණි මධුභාෂිණි සේනානායක
12 වැනි ශ්‍රේණිය,
විශාඛා විද්‍යාලය, කොළඹ 05.
Reply To:
Name - Reply Comment
0 Comments