මගේ ගම මට හොඳයි
- 2018-07-05 14:57:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගම වටා පිහිටි හරිත වර්ණයෙන් බැබළෙන කඳුවැටියකින් ආරක්ෂා වී ඇති මගේ ගම සැබැවින් ම සුන්දර ය. නීල හරිත වර්ණයෙන් බැබළෙන බණ්ඩි ගොයම ද තවත් විටෙක රන්වන් පාටින් බැබළෙන ගොයම් පැළ ද ගමේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරයි. එපමණක් නොව කඳු මුදුනේ සිට ඇද හැලෙන ජලදහරාව විටෙක දිය ඇල්ලක් ලෙසද ද තැනිතලා බිමේ දී ගංගාවක් ලෙස ගලා යමින් ගමේ සුන්දරත්වය වැඩි කිරීමට දායක වේ.
මගේ ගමේ වැඩි පිරිසක් ගොවිතැන් කටයුතු කරන අතර ඔවුහු ගොවිතැන් කිරීමෙන් උපරිම ආත්ම තෘප්තියක් ලබා ගනිති. නගරබදව ගෙවන කාර්යබහුල දිවියකට වඩා ගමේ සිට ගස් කොළවල මිහිරි පහස ලබමින් ගංගා ඇළ දොළ ගලා යන ශබ්දය විඳිමින් ගමේ ගෙවුණ ජීවිතය සැබැවින් සුවපහසුදායක ය. එමෙන් ම නගරවල මෙන් රෝහල්, පාසල් ආදි නොයෙකුත් යටිතල පහසුකම් ගමේ නොතිබුණු නමුදු ගමේ පාසල ගමේ වෙදගෙදර ඒ සැම දෙයකට ම වඩා සැනසිලිදායක යැයි මට සිතේ.
තාක්ෂණය ජීවිතය කරගනිමින් ඒ පසුපස හඹා යන නගරයේ මිනිසුන් ද යහගුණදම් අමතක කරන්නන් අතර ගමේ පැවති යහජීවනය, එකමුතුකම ගැමියන් සතු නිහතමානි බව නිසාත් සැබැවින් ම පොළොවේ පය ගසා සිටින්නේ අනෙකකු නොව ගැමියන් වන අප යැයි විටෙක මට සිතේ. මිල මුදල් අඩු වුව ද ගමේ ජීවත්වීමෙන් ලබන ඒ සුන්දර අත්දැකීම් හා ඒ මිනිසත්කම ගැමියන් වන අප මුදලකට සීමා නොකරන්නේ එම අත්දැකීම්වල අගය මුදලකට සීමා කිරීම අපහසු බැවිනි. නගරබදව පහසුකම් යටතේ ගෙවන ඒ ජීවිතයට වඩා මිනිසත්කම හඳුනන අපේකම අපේ පරිසර සුන්දරත්වය රුඳි අපේ ගමේ ජීවත්වීම මට හොඳය.
මල්කි රංගිකා රත්නසේකර
11 ශ්‍රේණිය,
රාහුල ජාතික පාසල,
ගොඩකවෙල.
Reply To:
Name - Reply Comment
0 Comments