Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මගේ ගම

  • 2018-04-27 14:35:59
  • 0 Comments

    උදෑසන හිරැ එළියේ නැහැවෙමින්  කුරැලු ගී ගායනාවලින් විකසිත වන අප කොතරම් භාග්‍යවන්තද නීල හරිතව ලෙළදෙන ගොයම් පැළ ඓම කුඹුරැ මැද සිට පියාඹා යන කොක්කු රූන, කුඹුර යාය මා මැදිව ඇති බෝධීන් වහන්සේ උදෑසන හඬලන කුකුළු නාදය, කුඹුරැවලට එපිටින් සිටින කිරි එළදෙනුන් ඉතා මනහර අසිරියකි. මඳ සුළග හමන විට ඒ සුළඟ සමඟ මුසුව එන බටනළා නාදය ද කුඩා දියපහරවල් ගලා හැලෙන හඬ ද එම දිය කඩිතිවල ජීවත්වන දණ්ඩි පැටව් ද ඉතා දැකුම්කලු දසුනකි. සෑම දින ම සවස 3.30ට පමණ වන විට ගම මැද ඇති පෙලෙන්ගා ගස යටට පැමිණෙන්නෙමු. පසුව මාදං, වෙරළු, ජම්බු, හිඹුටු, පෙලෙන්ගා ගෙඩි කඩා රුගෙන ගඟ ළඟ ඇති ගල මතට ගොස් පලතුරැ කන්නෙමු. ගඟ මැදට ගොස් ක්‍රීඩා ද කරන්නෙමු. මෙලෙස සතුටු වීමට අපට හැකිවුණේ මෙවන් සුන්දර ගම්මානයක වෙසෙන නිසා ය. 

සකුන්තලා ප්‍රියදර්ශනී
11 ශ්‍රේණිය,
ර/පොතුපිටිය මහා විද්‍යාලය,
රත්නපුර.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.