මගේ සුන්දර ගම
- 2018-09-18 11:47:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මගේ ගම නුවරඑළිය යි. එය මධ්‍යම පළාතේ පිහිටා ඇත. නුවරඑළියේ තිබෙන සුන්දරත්වය වෙන කොහේවත් නැත. එහි තිබෙන සීතල මීදුම් දේශගුණයට සහ පොද වැස්සට මම ඉතා ආශා කරමි. ගමේ පිහිටා තිබෙන ගංගා, දිය ඇලි, වනාන්තර ඉතා අලංකාර ය. කුරැල්ලන්ගේ කිචි බිචිනාදය මිහිරි ගීතයක් වැනි ය. ගස් කොළන්වල සුළඟ හැපී නැළවෙන්නේ තාලයකට ය. ගමේ ජීවත්වන්නේ මගේ තාත්තාගේ අම්මා වන මගේ අත්තම්මා ය. ඇය ඉතා කරැණාවන්තයි. අප ගමේ යන්නේ පාසල් නිවාඩු කාලයට ය. ඇළ දොළ ගංගාවල දිය බිඳුවලින් නැහැවෙන විට ගත සිත ප්‍රබෝධවත් වේ. ගමේ ප්‍රධාන වෘත්තිය වගාව ය. මම පාසල් නිවාඩුව ලැබෙන තුරැ ඇඟිලි ගනිමින් සිටිමි.
අමාෂි දිව්‍යා
6 ශ්‍රේණිය.
ජනාධිපති බාලිකා විද්‍යාලය, නාවල.
Reply To:
Name - Reply Comment
0 Comments