මම අතීතයට ගියෙමි
- 2019-11-22 11:45:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අම්මාගේ දෑතෙහි එල්ලී පොත් බෑගය පිටෙහි රැවාගෙන වතුර බෝතලයක් ද අරන් පුංචි දරැවෙක් පාසල වෙත පියමං කරයි.
මගේ සිත කොඳුරමින් මට අතීතය සිහි ගන්වයි. මෙයට වසර ගණනකට පෙර අම්මාගේ ඇඟිල්ලේ එල්ලී පාසල් ගිය අයුරැ මගේ සිහියට නැගේ. අද මේ කුඩා මුහුණේ පළවි තිබෙන ප්‍රබෝධය මගේ සිත තුළ ද තිබුණු අයුරැ මට සිතාගත හැකි ය.
මගේ මවුපියන් මා පාසලට යැවීමට දිගු කලක සිට ලකලෑස්ති වූ බව මට මතක ය. ඒ සූදානම විසින් මා තුළ තද නොඉවසිල්ලක් ඇති කර තිබුණි.
එදා හිමිදිරියේ මා පිබිද වූ අම්මා, ‘ දුව අද පාසල් යන දවස‘ යැයි කීවා ය. මා පාසල් ගමනට සූදානම් වූයේ ඉතාමත් සතුටිනි. නැවුම් සුවඳ විහිදුවන අලුත් පොත් බෑගය හා පොත්පත්, වතුර බෝතලය, පාටකූරැ, බුලත් හුරැල්ල සමග ‘අලුත් ලෝකයකට යන්නෙමි‘ යි යන හැඟීම මා තුළ වීය. තාත්තාගේ දෙපා මුල මම දණින් වැටුණෙමි. ඔහුගේ මුහුණේ වූයේ කොතරම් බලාපොරොත්තු සහගත හැඟීමක් ද. අම්මාගේ දෑස තෙත් වූයේ සතුට නිසා යැයි දැන් මට සිතේ. ඒ මගේ ජීවිතයේ අමතක නොවන මොහොතක් විය.
විදුහල්පතිතුමා මගේ හිස අතගා මා ආදරයෙන් පිළිගත් සැටි මට තවමත් මතක ය. මගේ පන්තියේ ගුරැතුමියගේ කරැණාවන්තකම මා සදාකාලයට ම පාසල වෙත බැඳ තැබූ බව සැබෑවක්ම ය. ඒ පුංචි ම පුංචි කාලයේ මගේ ජීවිතයේ මිහිරිතම කාලය යි. අනේ මට නැවතත් කුඩා අවදියට යා හැකි නම් කොතරම් අගේ ද!
රශ්මි පියුමිකා ඒකනායක
12 ශ්‍රේණිය,
එස්.ඩබ්ලිවු. ආර්. ඩී. බණ්ඩාරනායක ජාතික පාසල.
Reply To:
Name - Reply Comment
0 Comments