මම ඇපල් ගෙඩියක් වෙමි
- 2019-11-04 10:55:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාගේ ජන්මභූමිය ඕස්ට්‍රේලියාවේ ය. එය ලක්දිව මෙන් උෂ්ණ රටක් නොවේ. ඇතැම් මාසවල එහි දේශගුණය උසුලන්නට බැරිතරම් සීතල ය. එහි වාසය කරන මිනිසුන්ගේ වර්ණය ද වෙනස් ය. මා වාසය කළේ ඇඩිලේඩ් නගරයෙන් සැතපුම් අටක් පමණ දුරින් පිහිටි වත්තක ය. මගේ මව තනිවම එහි වාසය කරයි. එහෙත් ඇයට ඇගේ දරැවන් වන මගේ සහෝදර සහෝදරියන් එක් කෙනෙක්වත් දැන් එහි නැත.
මීට මාස කිහිපයකට පෙර අප සිටි ඉඩමේ අයිතිකරැවා එහි පැමිණියේ ය. ඔහුගේ මෙහෙකරැවෙක් ද විය. ඔහු කිසි අනුකම්පාවක් නොදක්වා අප සියල්ලන් අම්මාගෙන් වෙන් කර කූඩ පුරවාගෙන වත්තේ පිහිටි ගෙයකට ගෙන ගියේ ය. ඉන් පසු ඔහු උස මහතේ හැටියට අප තෝරා සව් කඩදාසිවලින් රතුවේය. පසුව පරිස්සමින් පෙට්ටිවල තැන්පත් කෙරැණි. දින කිහිපයකට පසු එක් වෙළෙන්දෙක් ඒ පෙට්ටි මිලදී ගෙන ගොස් එක්තරා නැවකට පැටෙවාවේ ය. කිහිප දිනකින් ඒ නැව වරවායෙන් පිටත්ව ගමන් කරන්නට විය. කෙළවරක් නැති මහ මුහුද මැද යන මේ ගමන අප තුළ මහත්පුදුමයක් ඇති කළේ ය. විඩාවට පත් ව සිටි අපට මුහුදු සුළඟ සැපදායක විය. මේ අතර ක්‍රමයෙන් උෂ්ණත්වය ද වැඩිවන බවක් දැනුණි.
දින කිහිපයකට පසු මට තද නිදිමතක් ඇති විය. මම නිදාගත්තෙමි. ඉන් පිබිදුණේ දැන් ය. මේ අතර වූ කිසිවක් කියන්නට මම නොදනිමි. මා සමග සිටි සහෝදර සහෝදරියන් ද දක්නට නැත. මා ඉදිරිපිට සිටින පුද්ගලයා පිහියක් අතින් ගෙන සැරසෙන්නේ මා කැබලිවලිට කපා අනුභව කරන්නට යැයි මට සිතේ. මේ මාගේ අන්තිම මොහොතයි. එහෙයින් සියල්ලන්ට ම ආයුබෝවන් !
තරැෂි නවෝදා
10 ශ්‍රේණිය,
බප/හෝ/ ජනාධිපති විද්‍යාලය,
අවිස්සාවේල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments