මම ගසක් වන්නෙමි
- 2019-08-06 16:26:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඔබට බොහෝ දේ ලබා දෙන මා ගැන නොදන්නා කෙනෙක් නැත. ඔබලාගේ ජීවය ද රඳා පවතින්නේ මා නිසා ය. මම ඔබලාට ඖෂධ වර්ග බොහෝ ලබා දෙමි. මල් වර්ග හා පලතුරැ ද ලබා දෙමි. ඔබ සියලු දෙනාට අත්‍යවශ්‍ය ඔක්සිජන් වායුව ද ලබා දෙන්නේ මා විසිනි. මම ස්වයංපෝෂිත වෙමි. මගේ ශරීරයේ සැම කොටසකින් ම සියලු දෙනාට ම ප්‍ර යෝජන ලැබේ. නවීන මිනිසා අප වැනි අය කපා දමා විශාල ගොඩනැගිලි තනයි.
එවන් දේවලට අපි අකැමැති වෙමු. ඔබලාගේ විඩාව නිවන්නට හමා යන සුළඟ ද සෙවණ ද ආහාර ද නොපැකිලව ලබා දෙමි. මම සැම විට ම පරාර්ථකාමි වෙමි. සියලු දෙනටම ආදර්ශවත් වේ යැයි සිතමි. මෙතෙක් වේලා ඔබ සමග කතා කළ මා දැන් ඔබට හඳුනා ගත හැකි ය. මම ගසක් වෙමි.
ඩී. එම්. අයි. අනුරාධි
7 ශ්‍රේණිය,
මො/යශෝධරා බාලිකා විද්‍යාලය,
බිබිල.
Reply To:
Name - Reply Comment
0 Comments