මම දළදාව වැඩම වූ රාජා වෙමි
- 2019-11-04 10:53:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මගේ ගම ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි සියනෑ කෝරළයට අයත් නැදුන්ගමුව යි. මාව ආදරයෙන් බලාගන්නේ කළු මාමා යි. මම නිවාඩු දිනවල දී මාමා සමග රවුමක් ඇවිදින්න යමි. කුඩා ළමයි මාගේ දළදෙක ආශාවෙන් අතගාති. සමහරැ මට පලතුරැ සහ උක් කවති. මගේ බඩ යටින් ද රිංගති. ඇත්තෙන් ම සෙනග මෙතරම් ළෙන්ගතු වීම සිතාගන්නටවත් නොහැකි අවස්ථා මට ලැබී ඇත. මම ද ඔවුන්ට ඇලුම් කරමි.
මගේ කළු මාමා මට ආදරේට ‘පුතා‘ කියා අමතන විට මඟේ හිසේ මලක් පිපෙයි. මම පසුගිය දිනවල අසනීප තත්ත්වයෙන් පසු වු ණෙමි. කළු මාමා මගේ ගතත් සිතත් සනසන්නට මහා පරිශ්‍රමයක් දරැවේ ය. මම ස්නානයට බොහෝ ප්‍රිය වෙමි. පැයකටත් වඩා ඔයේ මාමා සමග ස්නානය කරන මම කිසිදා යකඩ බක්කිවල ලැග යන්නේ නැත.
දළදා පෙරහර ළං වනවිට පිරිත් සඡ්ඣායනා සහ පිරිත් පැනින් ආශිර්වාද ලබා ගමන ආරම්භ කරමි. දළදා මාලිගාව වෙත යනවිට කිහිප තැනක නැවතී ගිමන් හැර ගමන් කරමි. මග දිගට සිටින ඇත්තෝ හැමෝම ‘රාජා හරි ම ලස්සනයි‘ කියමින් මා දෙස බලා සිටිති. එබැවින් මම පෙරහැර කාලෙට තරමක් ආඩම්බරකාරයෙක් මි.
මම ලස්සන විදුලිබුබුළුවලින් සැරසී වසර එකොළහක් ම දළදා කරඬුව පිටේ තබාගෙන පාවාඩ දිගේ ගමන් කළෙමි. එනිසා මම ලොව වාසනාවන්ත ම ඇත් රාජයා වෙමි. මේ පින ම මට ඇතිවේවි නිවන් දකින්න... ඒ නිතර ම මා සිත සනසන ප්‍රාර්ථනාව යි.
කවීෂා ප්‍රියංවදා සිරිරංජන
9 ශ්‍රේණිය,
බප/හෝ/ ඇස්වත්ත පණ්ඩුකාභය මහා විද්‍යාලය,
Reply To:
Name - Reply Comment
0 Comments