මම සූර්යයා වෙමි
- 2018-04-03 11:51:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මම ලොවට එළියදෙන සූර්යයා වෙමි. ගස්වල හරිත පැහැය රුඳෙන්නේ මා නිසායි. මම ගස්වල ආහාර නිෂ්පාදනයට දායක වෙමි. මම ජල චක්‍රය පවත්වා ගැනීමට උදව් වෙමි. මා නිසා පෘථිවියේ ඍතු ඇති වේ. මම සෞරග්‍රහ මණ්ඩලයේ විශාල ම මෙන් ම
ප්‍රධානම ග්‍රහයා වෙමි. මා සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහයන් පිරිවරා ගෙන සිටින්නේ රජකු මෙනි. උදේ දවල් රාත්‍රිය ඇතිවන්නේ ද මා නිසා ය. මම උදාගිරින් පායා අවරගිරින් බැස යමි. උදෑසනින් පායා එන මට මිනිසුන් කියන්නේ උදා හිරැ කියා ය. කඩිසර මිනිස්සු මා පායා ඒමට පෙර ම තම රාජකාරි කටයුතු අරඹති. සිංහල දෙමළ අලුත් අවුරැද්දේ මූලිකයා වන්නේ ද සූර්යයා වන මා ය. මගේ ගමන මීන රාශියෙන් මේෂ රාශියට සිදුකරන ආකාරය අනුව සිංහල අලුත් අවුරැද්දේ නැකැත් සාදා ගනිති. ඒ අනුව මම ජන ජීවිතයේ ඉතා වැදගත් ස්ථානයක් උසුලමි. අතීතයේ මිනිසුන් මා හැඳින්වූයේ සූර්යදෙවියන් නමිනි. ඔවුහු මට වැඳුම් පිදුම් කළහ.
විනුජි කුරැකුලසූරිය
5 ශ්‍රේණිය,
මාර/සුජාතා විද්‍යාලය, මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments