මවට පියාට අප සැලකුවා මදී
- 2019-08-22 12:39:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දස මසක් කුස හොවා රක්ත වර්ණ රැධිර ධාරාව සුදෝ සුදුවන් කිරි බවට හරවා අනේක විද දුක් කම්කටොළු මැද අප උස්මහත් කිරීමට මවක් කෙතරම් නම් වෙහෙසවනවා ඇතිද ? මවගේ අතට අප ආ දා සිටම දහසක් පැතුම් හඳේ රැවාගෙන අප ඇතිදැඩි කර, පෝෂණය කර රුකවරණය සැලසීමට අපගේ පියා කෙතරම් නම් ඇඟිලි ගනිමින් සිටින්නට ඇතිද ? එතරම් සෙනෙහසක්, ආරක්ෂාවක්, රුකවරණයක්, අසීමිත වූ ආදරයක් ලයාන්විත වූ අපූරැ හදවතක් සැබවින්ම උරැම වන්නේ මාපියන්ට පමණි. තම ජීවිතය තමාගේ සාර්ථකත්වයට නොව දරැවන්ගේ යහපත උදෙසා පරිත්‍යාග කරන උත්තරීතර මවුපිය සෙනෙහසට අප ඇත්තටම සලකනවාද ? එසේ සලකනවා නම් අද රටපුරා වැඩිහිටි නිවාස ඉදිවීමට හේතුවක් නැත. මහමග මවුපියන් තනිකර යාමට පවා අද වනවිට දරැවන් පෙලඹී ඇත. ඔවුන් අපට දුන් සෙනෙහසට වඩා ආදරණීය හා වටිනාකමක් එක්කර යහපත් සාරධර්මයන්ගෙන් හෙබි ගුණගරැක සමාජයක් බිහිකර මාපියන් ආරක්ෂා කිරීමට අපගේ යුතුකමයි.
ඩී.ඩබ්ලිව්.ඒ. සඳුනි ඉන්දිකා
12 වැනි ශ්‍රේණිය,
බප/හෝ/බෝතලේගම මහ විදුහල,
බුලත්සිංහල.
Reply To:
Name - Reply Comment
0 Comments