මහනුවර දළදා පෙරහර නැරඹුවෙමු
- 2018-11-21 14:55:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අම්මාගේ හඬින් මම නිදාසිටි නින්දෙන් තිගැස්සි අවදි වුණෙමි. වේලාව සවස තුන පමණ විය. ‘මහන්සියි කියලා නිදාගත්ත පාර තාම නැගිට්ටේ නැද්ද? නැගිටලා ඉක්මනට ගිහින් ලෑස්තිවෙන්න නුවර යන්න‘ අම්මා කීවා ය. අද අප පවුලේ සැම නුවර දළදා පෙරහර නැරඹීමට යාම සඳහා කතා කර ගත් බව මා හට සිහිවූයේ ඒ මොහොතේ ය. මම ඉක්මනින් නැගිට මුහුණ කට සෝදාගෙන පිරිසුදු ඇඳුමකින් සැරසුණෙමි. ඉන්පසුව අපි සියලු දෙනාම නගරයට යන්නට පිටත්වුණෙමු.
නාවලපිටිය සිටි මහනුවර දක්වා ධාවනය වන සවස 4.00 කෝච්චියට යාමට අපි ප්‍රවේශපත්‍ර මිලදී ගත්තෙමු. ඉන් අනතුරැව එම ද දුම්රියේ මැදිරි අංක දෙකෙහි ආසන හතරක අපි අසුන් ගත්තෙමු. දුම්රිය ගමන් ගතවිය. දළදා පෙරහැර ගැන අප නොයෙක් දේ කතා කර කර සිටින අතර දුම්රිය මහනුවර දුම්රිය නැවතුම් පොළට පැමිණ තිබුණේ නොදැනුවත්ව ය. එවිට වේලාව ප.ව. හයට ආසන්නව තිබුණි. දළදා පෙරහර නැරඹිමට සුදුසු ස්ථානයක් අප්පච්චිගේ මිතුරකු විසින් සූදානම් කර තිබුණි. එබැවින් හොඳින් පෙරහර නැරඹිමට හැකිවේයයි සිතා මම සතුටු වුණෙමි. අප සියලු දෙනා ඉක්මනින් මහනුවර දළදා විදියේ පෙරහර පිහිටි එම ස්ථානය කරා ගියෙමු. සුබ නැකතට අනුව දළදා පෙරහර රාත්‍රි 8.00 පමණ ආරම්භ කිරීමට නියමිතව තිබුණි. එතෙක් අපි ඉවසීමෙන් යුතුව බලා සිටියෙමු.
දළදා පෙරහර ඇරඹුණි. අප එදෙස බලා සිටියේ ඉමහත් ආසාවෙනි. චටස් පටස් නගමින් ප්‍රථමයෙන් පැමිණියේ කසකරැවන් ය. ඉන්පසුව වීදි ආලෝකයෙන් බබළමින් ඉදිරියට පැමිණියේ පන්දම්කරැවන් ය. ඔවුන්ගේ ගිනිකෙළි අප සිත්වල ප්‍රීතියත් ත්‍රාසයත් ඉපිදවිය. අලංකාර නර්තන අංගවලින් පෙරහර අලංකාර වුණි. බොහෝ අංග ඉදිරිපත් වූ පසු අප කවුරැත් බලා සිටි දළදා කරඬුව රුගත් මහා ඇත් රජු සුදු පාවාඩ මතින් තේජස්ව පැමිණියේ ය. සියලු දෙනා අසුන්වලින් නැගිට සාදුකාර දුන්හ. අලි ඇත්තු අලිපැටව් පෙරහර අලංකාර කළහ. අලංකාර පෙරහර අවසාන වනතෙක් අපි රුඳී සිටියෙමු. දළදා පෙරහර අවසානයේ අපි රාත්‍රි දුම්රියෙන් නිවස බලා පැමිණියෙමු. එහෙත් මගේ සිත තව රුඳී තිබුණේ අලංකාර මහනුවර දළදා පෙරහර තුළ ය.
කළණි දිනේත්‍රා දසනායක
8 ශ්‍රේණිය,
ගිනිගත්හේන මහා විද්‍යාලය,
නාවලපිටිය.
Reply To:
Name - Reply Comment
0 Comments