මහමඟ තනිවූ බලු පැටියා
- 2018-10-22 13:00:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එදා ඉරිදාවක් වූ හෙයින් නංගීත් මමත් දහම්පාසලට ගොස් එමින් සිටියෙමු. වටපිට වූ බිත්තිවල අලවා තිබූ දැන්විම් පිළිබඳ අප දෙදෙනාගේම ඇස් යොමුවීම විශේෂත්වයකි. ඒවා ද කියවමින් අප නිවස වෙත ඉක්මනින් පියමැන්නේ කුසගිනි නිසා ය. ගමනින් හරි අඩක් පැමිණි පසු අසල තිබූ කාණුවක් අසලින් යමකු කෙඳිරි ගානා හඬක් ඇසුණි. අපි දෙදෙනාම එතැනට පැමිණියේ කෙඳිරිගාන්නා සොයන්නට වීමු.
මඳක් කාණුව දෙසට හිස දමනවිට අපහට එය හසුවිය. එහි වූයේ දුඹුරැ පැහැති ලෝම ඇති කළු සුදු වලිගයකින් යුතු පුංචි බලු පැටියෙකි. කාණුවට අත දැමූ නංගී බලු පැටියා ඉන් ඉවතට ගත්තා ය. මාගේ මෙන් ම නංගීගේ ද අදහස වූයේ බලු පැටියා ගෙදර රුගෙනාම ය. කෙසේ වුවත් බලු පැටියා පාරෙහි දමා යන්නට තරම් අපට නොසිතුණි. අපි දෙදෙනාගේ ම යෝජනාව අනුව බලු පැටියා නිවස කරා ගෙන ගියෙමු. බලු පැටියාගේ හුරතලය දුටු පවුලේ සියලු දෙනා පැටවා නිවසේ තබා ගැනීමට අවසර ලබා දුනි. එහිදී බලු පැටියාට ටොමී යන නම තැබුවේ සෑම දෙනාගේ ම එකඟත්වය මත ය. නොසිතූ ලෙස ටොමී ඉක්මනින් අප හා යාළු වුණි. ටොමී නිවසට ගෙනැවිත් සතියක් පමණ ගෙවුණි.
සඳුදා දින පාසල් ගොස් එමින් සිටි මම මඳක් නැවතී දැන්වීම් පුවරැව දෙස බැලුවේ ටොමීගේ පින්තූරයක් එහි වූ හෙයිනි. සම්පූර්ණ දැන්වීම කියවූ මට අධික දුකක් දැනුණි. ටොමීට අයිතිකාරයකු සිටින බවත්, අයිතිකරැ ටොමීව සොයන බවත් දැන්වීම කියවූ මට දැනගන්නට ලැබුණි. අලවා තිබූ දැන්වීම සෙමින් ගැලවූ මම නිවසට ගොස් එය අම්මාට දුන්නේ බලාපොරොත්තු සුන්වූ විලසට ය. අම්මා එහි වූ දුරකථන අංකයට ඇමතුමක් දුන් පසු අයිතිකරැ වැඩිවේලා නොගොස් අප නිවසට පැමිණියේ ය. අයිතිකරැ අම්මාට ස්තූති කරමින් ටොමී රුගෙන ගියේ අප දෙදෙනාගේ දෑස්වල කඳුළු රඳවමිනි.
රැක්ෂිණි ඉමන්තිකා
10 ශ්‍රේණිය,
බප/ජය/ මහමායා බාලිකා විද්‍යාලය,
නුගේගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments