මා කැමති ක්‍රීඩාව
- 2019-05-20 14:30:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මා ප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාවයි. එය ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලෝකයේම ජනප්‍රියත්වයට පත්වීම ගැන මම ශ්‍රී ලාංකිකයෙකු ලෙස ආඩම්බර වෙමි. මගේ සිතෙහි ක්‍රිකට් ගැන දැඩි ලොල් බවක් ඇත. 1996 දී ක්‍රිකට් ලෝක ශූරයන් වූ අපේ ක්‍රිකට්වලට දිගු ඉතිහාසයක් ඇත. මගේ ප්‍රියතම ක්‍රීඩකයා වනුයේ දඟපන්දු යවන්නෙකු වන අකිල ධනංජයයි. ක්‍රිකට් ලෝකයේ ප්‍රබලයන් අතර මගේ රටද සිටියි. වසර 2011 දී විස්සයි විස්ස ලෝක කුසලානයට හිමිකම් කීමට ශ්‍රී ලංකාව සමත් වූයේ මා වැනි ක්‍රිකට් ලෝලීන්ගේ හදවත උණුසුම් කරමින්ය. මගේ ප්‍රියතම ක්‍රීඩාවේ ජයග්‍රහණ මෙන්ම පරාජයන් එකසේ විඳ ගැනීමට මම හුරැවී ඇත. ශ්‍රී ලංකාව ඉදිරියේ දී මුහුණ දෙන සියලු තරග ජයග්‍රහණය කිරීමට හැකිවේවායි කියා මම ප්‍රාර්ථනා කරන්නෙමි !
කණිෂ්ක සම්පත්
10 වැනි ශ්‍රේණිය,
බප/ගම් ජනාධිපති මහ විද්‍යාලය,
වේයන්ගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments