මා කියවූ රසවත් ම පොත
- 2019-07-19 10:34:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මගේ ප්‍රියතම කෘතිය මඩොල් දූවයි. මඩොල් දූවෙහි ප්‍රධාන චරිත උපාලි සහ ජින්නා ය. මඩොල් දූව ළමා නවකතාවකි. උපාලි , ජින්නා සහ යහළුවන් කළ කී දඟකම් අපූරැ ය. උපාලි ඇතුළු පිරිස කළ දඟකාරකම්වලට දඬුවම් විඳ ඇත. උපාලිගේ මව මිය ගිය නිසා උපාලිගේ පියා වෙනත් බිරියක් සරණ පාවා ගත්තේ ය. උපාලි කුඩම්මාට කැමති නොවී ය. ඒ නිසා ඔහුගේ පියා ඔහුව ගුරැ මහතකුගේ ගෙදර යැවී ය. ඔහු නැවත නිවසට ගොස් ජින්නා සමග නිවසින් පැන ගියේ ය. මුදලාලි කෙනෙකු ළඟ රුඳී සිටින විට මඩොල්දූව ගැන අසන්නට ලැබිණි. ඔහු මඩොල් දූව සොයා ගොස් එහි නතර වී ගොවිතැන් කටයුතුවල නිරත වෙමින් කල් ගත කළේ ය. සිය පියාගේ රෝගාතුර වීමේ පුවත සැලවූ උපාලි සිය නිවසට ගියේ ය. පසුව ඔහුගේ පියා මිය ගියේය .
මෙම කතාව තුළින් දූපතක අපූරැ අත්දැකීම් විඳගැනීමට අපට හැකි වේ.
සවිනි කුමසාරැ
6 ශ්‍රේණිය, මාර/සුජාතා විද්‍යාලය, මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments