මා කියවූ රසවත්ම පොත
- 2019-08-06 15:25:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මා කියවූ රසවත් ම පොත වන්නේ පස්වැනි කඩුල්ල යි . එය රසවත් පරිච්ඡේද රාශියකින් සමන්විත යි. පස්වැනි කඩුල්ල පොතෙන් කියැවෙන්නේ පහේ ශිෂ්‍යත්වය ගැන යි. එහි රෑපිකා, නුවන් සම රැවන් ද නැගණිය වන සදෙව්මිණි සමග ද සිටිති. සදෙව්මිණි නිතර ම නුවන්ට විභාගය පිළිබඳව විහිළු තහළු කරයි. මව නුවන්ට කාමරයෙන් පිටතට යාමටවත් ඉඩ නොදෙයි. ඒ නිසා නුවන් කාමරයට වි පාඩමේ යෙදේ. නුවන් පාඩම් කරන්නේ අසතුටිනි. මෙහි මව වන රුපිකාට ද සහෝදරියක් සිටියි. ඇයගේ පුතා සමික ද පහේ ශිෂ්‍යත්වය ලිවිමට සිටියි.
ඔහුගේ මව ඔහුට නම් සතුටින් විනෝද වීමට ඉඩ ලබා දී ඇත. රැවන් සදෙව්මිණි මෙම කතාවේ ප්‍රධාන චරිත දෙකකි. සමික ගේ මව්පියෝ ගුරැවරැන් වෙති. ඔවුන් තම පුතාට නිවැරුදි ආදර්ශ ලබා දිමට උනන්දු වන්නේ මහත් ආසාවෙන් හා කැපවීමෙනි. එම කතාවෙන් බොහෝ ආදර්ශ ගත හැකි ය. ‘ඉවසන දනා රැපු යුදයට ජයකොඩිය‘ , ‘අවවාදයට වඩා ආදර්ශය උතුම් ය‘ ඒ අතරින් කිහිපයකි. අවසානයේ රෑපිකාගේ පුතා වන නුවන් විභාගයෙන් අසමත් විය. සමික විභාගයෙන් සමත් විය.
රෑපිකා අසතුටින් සිටි අතර සමිකගේ මව, පියා සතුටු වූහ. මෙම පොතෙන් මම පෙර නොවිඳි රසවත්කමක් ලැබුවෙමි.
නෙත්ම කවීශා චන්ද්‍රලාල්
7 ශ්‍රේණිය,
කෑ/දැදි/ බෝධිරාජ මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments