Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මා කියවූ හොඳම පොත

  • 2018-01-09 10:41:04
  • 0 Comments

ටී. බී. ඉලංගරත්න සූරීන් විසින් රචනා කරන ලද &අඹ යාළුවෝ* නවකතාව කියවූ වාර ගණන කොපමණදැයි කීමටවත් මට මතක නැත. මම ඒ තරමටම බොහෝ වාර ගණනක් ඒ පොත කියවා ඇත්තෙමි. පොහොසත් පවුලක සුනිල් හා දිළිඳු පවුලක නිමල් අතර පැවති මිතුදම කතුවරයා විසින් ඉස්මතු කර දක්වා ඇති ආකාරයම සිත ඇද බැඳ ගැනීමට සමත්විය. ඔවුන්ගේ අව්‍යාජ ගතිපැවතුම්, අහිංසක බව, ළමා ලොව සුන්දරත්වය කතාව තුළින් ඉතා අපූරැවට විදහා දක්වා ඇත.
සුනිල්ගේ ආච්චි අම්මාගේ චරිතය ද ඉතා උසස් එකක් වුවත් ඇයගේ ආඩම්බර බව, නපුරැකම, අකරැණාවන්ත බව නිසාම මම ඇයට කැමැත්තක් නොදක්වමි. පොත කියවනු ලැබූ සෑම වාරයකම මම ආච්චි අම්මා සමග නම් බොහෝ අමනාප වූයෙමි. මට නම් ඇතිවූයේ දැඩි කේන්තියක්. සුනිලුත්, නිමලුත් එක්ව කරන බොහෝ දේවල් මතක් වීම නිසා මටත් හොරා මගේ සිත ඔවුන් වෙත දිවයන්නේ නිමේෂයකිනි. සුනිල්ගේ සොහොයුරියගේ චරිතයටද මගේ සිතෙහි ආදරයක් හට නොගන්නේ ඇයද බොහෝ විට අකාරැණික ලෙස කටයුතු කිරීම හේතුවෙනි. 
තාත්තා මා නිසාම සාදවා ගෙනැත් දුන් පොත් රාක්කයෙහි &අඹ යාළුවෝ* පොත තබා ඇත්තේ මට අවශ්‍ය වූ සෑම විටකම එය මගේ සුරතට හසුකර ගැනීමටය.
ඒ තරමටම මම ඒ පොත හා බැඳී සිටිමි.

මෙතුලි අලගියවන්න
8 වැනි ශ්‍රේණිය,
ඥානෝදය මහා විද්‍යාලය, කළුතර.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.