මා කියැවූ රසවත්ම පොත
- 2019-05-03 10:17:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මා කියවූ රසවත් ම පොත වන්නේ ‘අඹ යහළුවෝ‘ කෘතියයි. එම කෘතියෙහි ඇති චරිත ඉතාමත් අලංකාර ලෙස දෙබස් පවසන සැටි මට සිහිනෙන් ද පෙනේ. එම පොතෙහි තිබෙන චරිත තුළින් මා ප්‍රිය කරන චරිත වන්නේ සුනිල් සහ නිමල් ය. ඔවුන් දෙදෙනාගේ මිත්‍රකම සාගරයක් බඳු ය. නිමල් පුංචි වුවත් ඔහු පවුල් නඩත්තු කිරීමට ගන්නා මහන්සිය අපමණ ය. සුනිල් ද නිමල්ට දෙන උපකාර කියාගත නොහැකි ය. මෙම පොත රචනා කර ඇත්තේ ටී. බී.ඉලංගරත්න මහතාය. ‘අඹ යහළුවෝ‘ කාගේත් ප්‍රශංසාවට ලක් වූ වටනා පොතකි. එමෙන් ම මෙම කතාවෙන් අදහස් කරනු ලබන්නේ මිත්‍රත්වය, එකකමුතුකම යන ගුණාංග ද ජීවිතයට වැදගත් බවයි. එය මගේ ප්‍රියතම පොතයි.
මලිති අනුත්තරා
7 ශ්‍රේණිය,
ලූවර් ජාත්‍යන්තර පාසල, පන්නිපිටිය.
Reply To:
Name - Reply Comment
0 Comments