මා කියැවූ හොඳම පොත
- 2019-06-17 10:31:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මා කියැවූ හොඳම පොත ‘වනගත ළමෝ‘ පොත යි. එම පොත ළමයි තිදෙනකුගේ ජීවිතය ගැන ලියැවී තිබේ. ඔවුන් ජීවත් වූයේ වනාන්තරයක යි. ඔවුන්ගේ නම් වනුයේ ලාල්, තිලක් සහ අජිත් ය. නායකයා නම් තිලක් ය. එනමුදු ලාල් තිලක්ට දෙවැනි නොවේ. මන්දලාල් බාලදක්ෂ කඳවුරට බැඳී සිටීමයි. එසේ වුණත් තිලක් ද වැඩට දක්ෂ ය. ලාල් බාලදක්ෂ කඳවුරේ සිටි බැවින් වනගත ජීවිතය පහසු විය.
මෙම නවකතාව ලියන ලද්දේ දොන් පීටර් පියතුමා ය. මෙහි කතාවෙන් කියැවෙනුයේ මොවුන් සංචාරයේ සිටින අතරතුර වල් අලි තිදෙනෙකු ඔවුන් පසුපස පන්නා ගෙන පැමිණි සිටියා. ඉන්පසු මොවුන්ට ගෙදර යන පාර සොයා ගැනීමට අපහසු විය. මොවුහු අතරමං වුහ. මේ නිසා ඔවුන්ට මාස ගණනක් වනගතවසිටීමට සිදු විය. ඉන්පසු ටික කලක් ගත වී පොලිසිය විසින් ඔවුන් සොයා ගැනුණි. මෙම කතාවේ දුක්බර අවස්ථා මෙන්ම සතුටු අවස්ථා ද ඇත. ඔවුන් ගත කළ වනගත ජීවිතයෙන් ලබා ගත් දැනුම අපමණ ය. මා කියැවූ පොත් අතරින් මෙය කොපමණ කියෙවුවත් එපා නොවන පොතකි.
මෙත්මි රන්සිළුණි
7 ශ්‍රේණිය,
බප/පිළි/ උසස් බාලිකා විද්‍යාලය,
ගල්කිස්ස.
Reply To:
Name - Reply Comment
0 Comments