මා දුටු උදෑසනක අසිරිය
- 2019-11-22 11:47:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එතෙක් වේලා නිදාගෙන සිටි මා ඇඳෙන් නැගිට විත් දොර හැර බැලුවෙමි. එවිට ම පුලුන් බෝලයක් සේ ගුළි වී පුටුව යට නිදා සිටි සුදු කිටියා පැමිණ මාගේ කකුල් දෙකේ පුරැ පුරැ ගාමින් දැවටෙන්නට වූයේ ‘ අක්කා නැගිට්ටා ද‘ කියා අසන්නට මෙනි. මම සුදු කිටියාගේ ඔළුව අතගා මිදුලට බැස මිදුලේ එහා මෙහා ඇවිද්දෙමි. එවිට මට දක්නට ලැබුණේ සූර්ය දෙවිඳුන්ගේරන් හිරැ කිරණ මහී කාන්තාවගේ සිරැරට වැටී ඇති ආකාරය යි. මිදුලේ ඇති තණ කොළ මත තිබූ කුඩා පිනිබිඳුවලට හිරැ කිරණ වැටීම මුළු මිදුල ම මුතු පලසක් සේ දිලිසෙන්නට පටන් ගත්තේ ය. ඈත කඳුගැට පෙළකින් හමා එන මන්ද මාරැතයට මුසු වූ සමන්පිච්ච, සේපාලිකා වැනි මල්වල සුගන්දය නැහැ පුඩුවල සෙමෙන් දැවටෙන්නට පටන් ගත්තේ ය. කුරැලු කූඩුවල සිට කෑම සොයා පියාඹා යන සියොත් කැල නගන හඩ මුළු උදෑසන පරිසරය ම මිහිරියාවකට පත් කළේ ය. ඈත අහසේ ඇති රත් පැහැයට මුසු වූ ධවල පැහැගත් වලාකුළු විවිධ සිත්තම් මවමින් මුළු අහසම සීගිරියේ කැටපත් පවුර බවට පත් කළේ ය.
චංචලා පියුමාලි
5 ශ්‍රේණිය
මහ/ස්වර්ණමාලි බාලිකා
මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments