මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි
- 2018-10-17 16:30:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චතුර කථිකයෙකු මෙන්ම විවාදෙයහි හි දක්ෂයකු වූ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් &වාදසිංහ* යන අන්වර්ථ නාමයෙන් පිදුම් ලබා ඇත. බද්දේගම වාදය, වරාගොඩ වාදය, උදම්විට වාදය, ගම්පොළ වාදය, පානදුරාවාදය ආදි මෙම විවාද මාලාව අතරින් පානදුරාවාදයට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලැබුණි. එම වාදයේ දී බෞද්ධ පක්ෂය වෙනුවෙන් වාද කළ පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් හා ක්‍රිස්තියානි පක්ෂය අතර ඇති වූ කතා ඇතුළත් ලේඛන කියවීමෙන් පැහැදුණු හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා පසුව ලංකාවට පැමිණියේය. 1880 වර්ෂය පමණ වන විට බෞද්ධයෝ ලේඛන මාධ්‍ය හා දේශන මාධ්‍යයෙන් ඉදිරියට පැමිණ සිටි නමුත් මිෂනාරි අධ්‍යාපන ක්‍රමයට සරිලන ආකාරයේ ඉංග්‍රිසි මාධ්‍ය බෞද්ධ පාසල් පද්ධතියක් පිහිටුවීමට අපොහොසත් වූහ. පාසල් පිහිටුවීමේ ශක්තිය ප්‍රමාණවත් නොවීම ඊට හේතුව විය. මේ සඳහා දොරටු විවර වූයේ ඕල්කට් තුමා ලංකාවට පැමිණීමෙන් පසුවය.
වාද විවාද මගින් දෙස් විදෙස් හි බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීම, බුදු දහමේ ප්‍රබෝධයක් ඇති කිරීමට හේතුවන ආකාරයට ජනතාව තුළ බුද්ධාලම්භන ප්‍රීතිය අවුලුවාලීම, පෝය නිවාඩු නැවත ලබා ගැනීම සඳහා පරම විඥානාර්ථ සමාගම පිහිටුවීමට දායක වීම, මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන පිහිටුවීමට සහය ලබාදීම ආදිය උන්වහන්සේගේ සේවා අතර කැපී පෙනෙයි.
ඩබ්ලිව්.එම්.සුභාෂ් ඉඳුනිල්
11 වැනි ශ්‍රේණිය,
නක්වත්තාගම කනිෂ්ඨ විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments