Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මිනිසා සහ පරිසරය

  • 2019-03-08 10:45:07
  • 0 Comments

   උසස් මනසක් ඇති පුද්ගලයා මිනිසා ලෙස හැඳින්වේ. එමෙන් ම අප අවට ඇති වටපිටාව පරිසරයයි. පරිසරයේ පැවැත්මට මිනිසා අවශ්‍ය නොවූවත් මිනිසාගේ පැවැත්මට පරිසරය අත්‍යවශ්‍යයි. මිනිසා සහ පරිසරය අතර සම්බන්ධතාව විමසීමේ දී අතීතය හා වර්තමානය ලෙස කොටස් දෙකකට බෙදා කරැණු දැක්වීමට තරම් වෙනසක් අද වන විට පරිසරය තුළත් මිනිසා තුළත් ඇති වී තිබේ. 
    අතීතයේ මිනිසා සහ පරිසරය ගජ මිතුරැ ය. මිනිසා අතින් කිසිදු හානියක් පරිසරයට නොවි ය. පරිසරයේ පැවැත්මට අනුව මිනිසුන් ජීවත්වීමට හුරැ විය. එම නිසා අතීත මිනිසා ඉතා සරල ජීවිතයක් ගත කළේ ය. පරිසරය විසින් මිනිසාට අවශ්‍ය සියලු දෑ සැපයීය. ආහාර, ජලය,  ඇඳුම් පැලඳුම්, වාසස්ථාන ඒ අතර ප්‍රධාන ය. මිනිසාද එයට කෘතගුණ වශයෙන් බොහෝ දේ සිදු කළේ ය. ගසක් කපන විට තව ගසක් සිටුවීම, ගොවිතැන් කටයුතුවලදී සතුන්ට වෙනම කොටසක් වෙන් කිරීම, ගස් දේවත්වයෙන් සැලකීම ආදි නොයෙක් දේ තුළින් මිනිසා පරිසරය තෘප්ත කරවීය.
  එහෙත් එය අද වන විට හාත්පසින්ම වෙනස් වී ගොසිනි. අතීතයේ මිනිසා හා පරිසරය අතර සබැඳියාව ගිලිහී ගොසිනි. අද සිදුව ඇත්තේ පරිසරයට අනුව මිනිසා හැඩ ගැසීම වෙනුවට මිනිසාට අවශ්‍ය ලෙස පරිසරය හැඩ ගැසීමට සිදු විමයි. එහි ප්‍රතිඵලය අද  වනවිට මිනිසුන් භුක්ති විඳින්නේ උන් හිටි තැන් පවා  අහිමි කරගනිමිනි. සුනාමි ඇතිවීම, අරණායක කඳු නායයෑම් , මීතොටමුල්ලේ කුණු කන්ද පිපිරීම මිනිස් ක්‍රියාකාරකම්වල අතුරැ ප්‍රති‍ඵලයකි.
  පරිසරය ගැන නොතකා ක්‍රියා කිරීම හේතුවෙන් මෙවන් ඉරණම්වලට මිනිසාට මුහුණ දීමට සිදුව ඇත. මෙයින් අවබෝධ කරගත යුත්තේ පරිසරය මිනිසාට නොව මිනිසා පරිසරයට අනුගතවත ක්‍රියා කළ යුතු බවයි. නැතිනම් පරිසරය විසින් මිනිසාට ලැබෙන ප්‍රතිචාර මෙයටත් වඩා දරැණු විය හැකි ය. මිනිසා හා පරිසරය අතර සම්බන්ධය අතීතයේ දී වර්තමානයේදී පැවති හා පවතින ආකාරය මෙලෙස පෙන්වා දිය හැකි අතරම පරිසරය කෙරෙහි මිනිසාගේ අවධානය වඩා වැඩි විය යුතු බව කිව යුතු ය. 
  උසස් මනසක් ඇත්තා උසස් ලෙසම කටයුතු කළ යුතුය. අතීතයේ මෙන්ම වර්තමානයේ දීත් මිනිසා පරිසරය සමග සුහදශීලීව කටයුතු කළ යුතුය. එවිට ස්වභාව ධර්මය ඊට අවනත වනු නොඅනුමානය.

තක්ෂිලා දර්ශනී මුණසිංහ
10 ශ්‍රේණිය,
මහ/අමුපිටිය ජාතික පාසල.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.