මිහිඳු හිමි වැඩියයි පොසොන් පෝදා
- 2018-09-02 11:33:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ධර්මාශෝක රජතුමාගේ පුතාය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා අවුරැදු 236 ක් ගෙවුණු පසු ධර්මාශෝක රජතුමාගේ දායකත්වයෙන් පැවැත්වූ තුන්වැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙනි, මිහිඳු මාහිමියන් අපේ රටට වැඩම කළේ. උන්වහන්සේ සමග ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන හිමිවරැනුත් සුමන සාමණේරයන් වහන්සේත්, භණ්ඩුක නම් උපාසකයාත් පැමිණියහ. මේ ධර්මදූත පිරිස පැමිණියේ අසිරිමත් පොසොන් පොහෝ දිනකයි.
එදින ලක්දිව රජුට විශේෂ දිනයක් විය. එනම් සිය පිරිස සමග මුව දඩයමේ යෙදීමේ දිනයක් වූ නැකත් උත්සවය යෙදුණු දවසකි. තිස්ස රජු සිරිත් පරිදි මුව දඩයමේ පර්වතය අසලින් යන අවස්ථාවේ තම නම කියා කතාකරන කෙනෙකු දැක පෙර නොදුටු මේ පිරිස කවුරැන් දැයි දැන ගැනීමට කැමති විය. එවිට මිහිඳු හාමුදුරැවෝ තමන් වහන්සේ කවුරැද ? මෙහි වැඩම
කළේ කුමක් සඳහා ද යන්න රජතුමාට පැහැදිලි කරමින් සමණාමයං මහාරජ යන ගාථාව දේශනා කළ සේක.
ඉන්පසු රජතුමා මිහිඳු මාහිමියන් ප්‍රධාන සඟරැවනට නමස්කාර කළේය. මිහිඳු මාහිමියන් පිළිගැනීමෙන් පසු රජු ඇතුළු පිරිස තෙරැවන් සරණ ගිය බෞද්ධයෝ බවට පත්වූහ. මිහිඳු හාමුදුරැවෝ රජතුමා ඇතුළු පිරිසට &චුල්ලහත්ථි පදෝපම සූත්‍රය* දේශනා කළ සේක. තවත් සූත්‍ර රාශියක් දේශනා කරමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලක්වැසියන්ට පහදා දුන් සේක. ලංකාවේ මිනිස්සු පන්සිල් රකින, හොඳ සිරිත් විරිත්, ආචාරධර්ම ඇති පිරිසක් බවට පත්වූහ. විහාර දාගැබ්, බුදු පිළිම, ශ්‍රී මහා බෝධිය, ධාතුන් වහන්සේලා, සංඝ ශාසනය අපට ලැබුණේ මිහිඳු හිමියන් නිසාය.
කොටුවිල සමිතසිරි හිමි
ධම්මදීප ද්විභාෂා මූලික පිරිවෙන, අතුරැගිරිය.
Reply To:
Name - Reply Comment
0 Comments