මුළු රටටම එකම නැකතක්
- 2018-04-27 22:11:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බක් මාසය එළඹෙන තුරැ කුඩා ළමයින් සේම වැඩිහිටියන් මග බලාගෙන සිටින්නේ නොඉවසිල්ලෙනි. මන්දයත් අප්‍රේල් 13 හා 14 දෙදින සිංහල හා දෙමළ අලුත් අවුරැද්ද උදාවන බැවිනි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමග එළඹෙන මෙම අලුත් අවුරැදු උත්සවයට සිංහල හා දෙමළ ජනතාව ලහි ලහියේ සූදානම් වෙති. පැරුණි අමනාපකම් දුරැකර ගැනීමටත්,සාමය - සතුට වර්ධනය කර ගැනීමටත් මෙම උත්සවය රැකුලකි. මෙම උත්සවයේ ඇති වැදගත්ම සිද්ධිය වන්නේ මුළු රටේම සිංහල දෙමළ ජනයා එකම නැකතකට චාරිත්‍ර ඉටු කිරීමයි. වෙනත් කිසිදු උත්සවයක එවැනි සිද්ධියක් දක්නට නොලැබීම විශේෂ කොට සැලකිය හැකිය. ළිපගිනි මෙළවීම, ආහාර අනුභවය, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම ආදී නොයෙක් චාරිත්‍ර මෙලෙස මුළු රටම එකම නැකතකට සිදුකිරීම රටේ සාමය හා සමගිය වර්ධනය වීමට රැකුලක් වන බව නොඅනුමානය. රටේ සියලු සමාජ ස්තරවල ජනයා එකම නැකතකට කටයුතු කිරීමෙන් සමානාත්මතාව ප්‍රකට කරයි. අලුත් අවුරැදු දින සෑම නිවසකම කෑම මේසය කිරිබත්, කැවුම්, කොකිස්, අතිරස, අලුවා ආදි ආවේණික කැවිලි පෙවිලි වලින් පිරෙයි. මුළු රටම එකම නැකතකට වැඩ කටයුතු කරන සිංහල දෙමළ අලුත් අවුරැද්ද වැදගත් සංස්කෘතික මංගල්‍යයකි.
කේෂාණි මධුභාෂිණි සේනානායක
විශාඛා විද්‍යාලය, කොළඹ 05.
Reply To:
Name - Reply Comment
0 Comments